custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

දිනුමක් ලැබුණ බවට සහ විමර්ශන කටයුතු වලට පවසා එන ව්‍යාජ දුරකථන ඇමතුම් වලට අසුවෙන්න එපා

custom_html_banner1
Spread the love

අන්තර්ජාලය ඔස්සේ කරන වං’චනික ක්‍රියා පිළිබඳව මේ දිනවල නැවතත් පැමි’ණිලි ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

ඔබට , ඔබේ සමාජ ජාලා මාධ්‍ය ගිණුමට ,විද්‍යුත් තැපෑලට පණිවිඩයක් ලැබීමට හැකියාවක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ

ලොතරැයි හෝ වෙනත් ආකාරයක දිනු’මක් ලැබී ඇති බව හෝ දුරකථන සමාගමක් මගින් දිනුමක් ලැබී ඇති බව හෝ විදේශයක සිටින මිතුරෙක් ත්‍යාගයක් එවා ඇති බවට වශ’යෙන් පණිවිඩ ලැබීමට හැකියාවක් පවතින බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ

අන්තර්ජාලය හරහා අන්තර්ජාල අපරා’ධකරුවන් විසින් සිදුකරන ක්‍රියාවන් බවත් කිසිම අවස්ථාවක මෙවැනි දේවල් වලට නොරැවටෙන ලෙසත් මුදල් තැන්පත් කිරීමට නොයන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා

එමෙන්ම ඔබේ ස්ථාවර දුරකථනයට ඇමතුම් පොලිසියෙන් බව පවසා ඇමතුම් ලැබිය හැකියි.

විශේෂයෙන්ම ත්‍’රස්ත’ ක්‍රියා විමර්ශන ඒකකයෙන් හෝ අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා මෙම ඇමතුම් ලැබෙන බවත් එම ඇමතුම් වලදී ඔබෙන් තොරතුරු විමසන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ

එහිදී විමසන්නේ “ඔබට පාස්කු’ ප්‍රහාරයට සම්බ’න්ධයක් ඇති බවත් .ඒ සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නිවසට පැමිණෙන බවත් , පැමිණෙන වාහනයට ගෙ’වීමට මුදලක් තැන්පත් කරන ලෙසත් ඉල්ලා සිටින බවයි

custom_html_banner1

මෙවැනි ක්‍රියා සිදුකරන්නේ අපරාධ’කරුවන් සහ බන්ධ’නාගාරගතව සිටින්නන් බවත් මේ පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.

Source – Live@8

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button