custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

බරපතල තත්ත්වයක් නම් ‘ජුනි 14 ‘ සීමා ඉවත් නොවේ – හමුදාපති කරුණු දක්වයි

custom_html_banner1
Spread the love

පවතින දත්ත විශ්ලේෂණය කර විශේෂඥයන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් දැනට පනවා තිබෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පුවත්පත් වෙත සඳහන් කර තිබෙනවා.

අද (09) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළා.

දැනට රට තුළ පවතින තත්ත්වය අනුව නම් අනිවාර්යයෙන්ම ලබන 14 වැනිදා අලූයම 4.00 ට සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව කී යුද හමුදාපතිවරයා, කිසියම් බරපතළ තත්ත්වයක් ඇති වුවහොත් එය වෙනස්වන බව ද පෙන්වා දුන් බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ලබන 14 වැනිදා වන විට සංචරණ සීමා පනවා දින 23ක් ගතවන බව පෙන්වා දුන් යුද හමුදාපතිවරයා මුලදී ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස රජය කි‍්‍රයාමාර්ග ගනු ලැබුවද විශේෂඥවරුන් පෙන්වා දුන් කරුණු අනුව වඩාත් සුදුසු වන්නේ සංචරණ සීමා පැනවීම බවට පෙනී ගිය නිසා මෙම තීරණය ගත් බව ද සඳහන් කර තිබුණා.

මේ වන විට රටේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු රජය තීන්දු තීරණ ගනු ලබන්නේ විශේෂඥ දැනුම්දීම් සහ පවතින දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඉතාම සැලසුම් සහගතව බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කරනවා.

Source – Live@8

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button