custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

‘මගේ පුංචි රෝස මලේ’ ගීතය කියා තමන් හාස්‍යයට ලක් කල SFට ඇමති සරත් කෙලින් උත්තර දෙයි

custom_html_banner1
Spread the love

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පළවූ පුවත් පිළිබඳ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුව අමතනමින් ඊයේ(08) විශේෂ ප්‍රකාශයක් කළේය.

මෙහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ‘මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා’ ගීතය සඳහන් කරමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව තුලදී හාස්‍යයට මෙන් ලක්කරනු ලැබුවේය.

ෆොන්සේකා මහතා කල ප්‍රකාශයට මෙන්ම තමන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දුර්මත එල්ල කරන්නන්න්ට ඉතා පැහැදිලි උත්තරයක් මෙහිදී අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලැබුණා.

ඔහු කියා සිටියේ කොළඹ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවැත්වූ සාදයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කිරීමේදී ඔවුන් ගෙන ගිය බසය නැවත හරවන්නැයි තමන් උපදෙස් ලබා දුන්නේ ඇයි පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එමෙන්ම තම පුත්‍රයාගේ විවාහයද එම හෝටලයේ පැවැති බවට පළවූ පුවත්ද අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

අසත්‍ය චෝදනා පැතිර වූ පුද්ගලයන් පිළිබඳව රහස් පොලිසිය මගින් නීතිමය පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පැවසීය.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button