custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්

‘මම තාම පණපිටින්’ ප්‍රසන්නජිත්ගෙන් අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු

custom_html_banner1
Spread the love

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතා මියගිය බවට පැතිරෙන කටකතා සියල්ල අසත්‍ය බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ප්‍රසන්නජිත් අබේසූරිය මහතා මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ‘මාස්ටර්’ චරිතය නිරූපණය කරන අතර ඒ සඳහා ඇති විශාල ජනප්‍රියත්වය නිසා මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය වන්නට ඇති බවයි කලා ක්ෂේත්‍රයේ හිතවතුන් පවසන්නේ.

කතිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

මම තාම පණපිටින්. කවුරු හරි මොළේ අමාරුව තියන කෙනෙක් මේ වගේ post එකක් හදල දාලා… ඊයෙ රාත්‍රියේ සිට අද පාන්දර මේ දක්වාත් මට කතා කරමින් මේ ගැන බොහෝ දෙනෙක් විමසුවා.. මිනිස්සුත් නිකන් කලබල වෙනවා. ඒ සියලු දෙනාට ස්තුතියි. මේ වගේ අතිශයින්ම බාල වැඩ කරන අය ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියන එකයි මට තියන ප්‍රශ්නේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button