custom_html_banner1
දේශීය පුවත්

අයවැය හිඟය පියවන්න එක්කෝ ණය ගන්න වෙනවා, නැත්නම් තියෙන දේපළක් විකුණන්න වෙනවා – ඇමති බන්දුල

custom_html_banner1
Spread the love

රාජ්‍ය ආදායම විශාල වශයෙන් අඩුවී ඇති නිසා ඉතාම අසීරු මුදල් තත්වයක් කළමනාකරණය කිරීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

“ආණ්ඩුව කුමන පක්ෂයකට අයිති වුණත් කුමන ආණ්ඩුවක් රට පාලනය කළත් රටේ එදිනෙදා පවත්වාගෙන යාමේ වියදමවත් බොහෝ වර්ෂවලදී ලැබෙන්නේ නැහැ කියන එක අපි කවුරුත් මේ ගරු සභාව වශයෙන් පිළිගත යුතුවෙනවා. එනිසා තමයි රාජ්‍ය අයවැයේ වර්තන ගිණූමේ හිඟයක් ඇතිවෙන්නෙ. මේ අයවැය ලේඛනයේ හිඟයක් ඇතිවෙච්චාම කවුරු ආණ්ඩු කළත් මේ හිඟය පියවාගන්න වෙන්නේ කෙසේද ?

එකක් දේශීය හා විදේශීය වශයෙන් ණය ගැනීමෙන්. විදේශ ආධාර, අනෙකුත් රාජ්‍ය මූල්‍ය උපකරණ යොදාගෙන තමයි ඕනෙම අයවැය හිඟයක් පියවාගන්න වෙන්නෙ. මේක ගෙදරක වුණත් එකයි. කුම්භයක අපෙ ආදායම රුපියල් ලක්ෂයයි නම් අපි වියදම දරනවා නම් එක්ලක්ෂ පනස් දාහක් මාසෙකට රුපියල් පනස් දාහක හිඟයක් ඇතිවෙනවා.

එතකොට ඒ ගෙදර අයට කරන්න වෙන්නෙ කාගෙන් හරි ආධාරයක් ඉල්ලාගන්නවා, පස්සෙ දෙන්නම් කියලා පොළී නැතුව. නැත්නම් ණයක් ගන්නවා. නැත්නම් තියෙන දේපළක් වත්කමක් විකුණනවා. රජයට වුණත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න තියෙන්නෙ ඔය ක්‍රමයට පමණයි.

ණය ගන්නත් බෑ ඇප වෙන්න පුළුවන් සීමාව දැන් 10% ඉක්මවාගෙන එන්නෙ. මේ නිසා මූල්‍ය කළමනාකරණ පනතට දැන් සංශෝධන දෙකක් අවශ්‍ය වෙනවා. එකක්, මේ කළමනාකරණ පනතේ තියෙන ණය පිළිබඳ ඉලක්කම සාක්ෂාත් කරගැනීමේ කාලය 2030 දක්වා වැඩිකරන්න. දෙක, ණය සඳහා පවතින මේ 10%ක් වන ඇපවීමේ සීමාව 15% දක්වා වැඩිකරන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ මූල්‍ය රෙගුලාසි කිහිපයක් සංශෝධනය කිරීම සඳහා ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී කරුණු දක්වමිනි.

රජයේ ආදායම විශාල ලෙස අඩුවී තිබෙන බව පැවසූ ඒ මහතා ඉතාම අමාරු මුදල් තත්වයක් කළමනාකරණය කිරීමට සිදුව ඇති බවත් මේ කිසිදු මුදලක් ජනාධිපතිවරයා මිරිහානෙන් රැගෙන එන ඒවා හෝ අගමැතිතුමා මැදමුලනෙන්වත් රැගෙන එන ඒවා නොව මහා භාණ්ඩාගාරය සතුව ඇති මහජනයාගේ මුදල් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

custom_html_banner1

Courtesy – Lankanewsweb 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button