custom_html_banner1
විදෙස් පුවත්

ලොව විශාලතම ඩයිනෝසර් විශේෂයන් අතරට එක්වූ නව විශේෂය

custom_html_banner1
Spread the love

ඔස්ට්‍රේලියාවෙන් 2007 වසරේ දී සොයාගත් නව ඩයිනෝසර් විශේෂය ලොව විශාලතව ඩයිනෝසර් විශේෂයන් අතරට එක්වන බව විද්‍යාඥයින් පවසනවා.

“ද සදර්න් ටයිටන්” ලෙස හැදින්වෙන මෙම ඩයිනෝසර් විශේෂය ලොවපුරා මේ දක්වා හදුනාගෙන ඇති විශාලතම ඩයිනෝසර් වර්ග පහලොව අතරට අයත් වනවා.

එම ඩයිනෝසරයන් උසින් මීටර් හයයි දශම පහක් පමණ වන අතර එම සත්ත්වයෙකුගේ දිග මීටර් 30 ක් පමණ වනවා. ඒ අනුව එම ඩයිනෝසර් වර්ගය පැසි පන්දු පිටියක් තරම් විශාලත්වයෙන් යුතු වනවා.

එම සත්ත්වයාගේ සැකිල්ල පළමු වරට සොයා ගැණුනේ ඔස්ට්‍රේලියාවේ ක්වින්සන්ලන්ඩ් ප්‍රාන්තයෙනුයි.

මෙම ඩයිනෝසර් විශේෂය පෘථිවිය මත වාසය කර ඇත්තේ මීට වසර මිලියන 96 කට පමණ පෙර බවයි වාර්තා වන්නේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button