custom_html_banner1
දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

custom_html_banner1
Spread the love

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබේ.

චීනයේ බීජිං නුවර සිට එන්නත් තොගය රැගත් විශේෂ යානය අද (09) පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟ විය.

එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවහනය කිරීමට නියමිතය.

පසුගිය 06වන දින ද චීනයෙන් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලිනයක් දිවයිනට රැගෙන විත් තිබුණි.

එම එන්නත් තොගය දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික් රැසක හඳුනාගත් ජන කණ්ඩායම් වෙත ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

මේ වන විට මෙරට පුද්ගලයන් 1,033,000කට පමණ “සයිනොෆාම්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

Courtesy – Ada Derana 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button