custom_html_banner1
ENTERTAINMENTවිදෙස් පුවත්විශේෂාංග

අමුතු හේතු නිසා දික්කසාද වුණ ජෝඩු

custom_html_banner1
Spread the love

අද වෙනකොට දික්කසාදය කියන්නේ සමාජයේ බහුලවම දකින්න ලැබෙන දෙයක් බවට පත්වෙලා. විවාහ ජීවිතයකට ​ඇතුළත් වෙන යුවළකට දික්කසාදයක් කරා යන්න නොයෙකුත් හේතු බලපාන්න පුළුවන්. එහෙම කියල පටන් ගත්තට අපේ මේ ලිපියේ අරමුණ දික්කසාදයකට බලපාන හේතු විශ්ලේෂණය කරන එක නම් නෙමෙයි, අපි කියන්න යන්නෙ ඊට වඩා තරමක් අමුතු කාරණයක්. අමුතුම හේතු නිසා දික්කසාදයක් කරා ගිය උදවිය ගැන කියන්නයි මේ හදන්නෙ.

 

1. ලොකු වැඩි නිසා වුණ දික්කසාදය

අයිෂා දනුපාවා කියන්නෙ නයිජීරියානු ජාතික තුන් දරු මවක්. තමන්ගේ පළවෙනි විවාහය අසාර්ථක වුණාට පස්සේ අයිෂා තව විවාහයකට සහකරුවෙක් තෝරගන්නවා. අලි මයිසිනාරි නැමැති ​​ඒ තැනැත්තත් එක්ක විවාපත් වෙන අයිෂාට කසාද ජීවිතේ ​ඇතුළේ ඉන්න ලැබෙන්නේ සතියක් විතරයි. ​ඇය වහාම අලී ගෙන් දික්කසාදය ඉල්ලා හිටිනවා. ​​ඒකට හේතුව වුණේ තරමක් දුර්ලභ කාරණයක්. ​​ඒ හේතුව තමයි අලීගේ ලිංගේන්ද්‍රිය අසාමාන්‍ය ලෙස විශාල වීම. මේ හේතුවෙන් ලිංගික කාර්යය ඉතාම වේදනාත්මක අත්දැකීමක් වූ බව පවසන අයිෂා, අවසානයේදී ​​ඒ හේතුව මත තම දික්කසාදය ලබාගන්න සමත් වෙනවා.

2. මේකප් නිසා වුණු දික්කසාදය

34 හැවිරිදි අරාබි ජාතික තරුණයෙක් 28 හැවිරිදි රූමත් තරුණියක්ව විවාහ කරගන්නවා. විවාහයෙන් පස්සේ ඔවුන් මධුසමය ගත කරන්න ඩුබායි පුරවරය තෝරගන්නවා. එහිදී මුහුදේ නාමින් දෙදෙනා විනෝද වෙන්න ගන්නව. නමුත් ඉන් පස්සේ සිදුවෙන්නේ කවුරුත් නොසිතූ දෙයක්. මුහුදු වතුරට බිරිඳගේ මේකප් එක සේදිලා ගිහින් සැමියාට ​ඇයව හඳුනාගන්න බැරි වෙනවා. ​​ඒ වෙලේම ​ඇයව දික්කසාද කරන්න ඔහු තීරණය කරනවා. ​​ඒ නොයෙකුත් රූපලාවණ්‍ය ක්‍රම හරහා බොරු පෙනුමක් ​​​ආරූඪ කරගෙන තමන්ව රැවටූ බව කියමින්. තමන්ගේ මේකප් රුව ගැන විවාහයෙන් පසුව සැමියාට කියන්නට සිටි බව පවසමින් තරුණිය දික්කසාදය වළක්වන්​න උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැහැ.

3. රිප්ලයි නොකළ නිසා ඩිවෝස්

custom_html_banner1

2017 වසරේදී තායිවානයෙන් අමුතුම හේතුවකට සිදුවුණ දික්කසාදයක් වාර්තා වෙනව. තමන්ගේ වට්සැප් පණිවුඩවලට පිළිතුරු දුන්නේ නැති නිසා තායිවාන ජාතික කාන්තාවක් තම සැමියාගෙන් දික්කසාදය ලබාගන්න සමත් වෙනවා. වරින් වර බිරිඳ විසින් යවන ලද පණිවුඩ නොසලකා හරින්නට සැමියා කටයුතු කරල තියනවා. ඔහු ​​ඒවා කියෙවුවත් පිළිතුරු බඳින්න කටයුතු කරලා නැහැ. අන්තිමේදී වරක් බිරිඳ රිය අනතුරකට ලක්වූ අවස්ථාවකදී ​​ඒ ගැන කියලා සැමියාට පණිවුඩයක් යවනවා. සැමියා එයටත් පිළිතුරු එවන්නේ නැහැ. මේ සිද්ධියෙන් බිරිඳගේ ඉවසිමේ සීමාව ඉක්මවා ගිහින් සැමියාට දික්කසාද නඩු පවරනවා. අවසානයේදී දික්කසාදය ලබාගන්නටත් ​ඇය සමත් වෙනවා.

 

4. ගඳට ඩිවෝස්

මේක නම් අමුතු වුණත් අසාධාරණ නොවන කාරණයක් කියලාත් කෙනෙක් කියන්න පුළුවන් කාරණයක්. ඊජිප්තු යුවළක් වුණ අයිසර් අලී සහ යාරා එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් බැඳිලා, කෙටි කාලයකින්ම විවාහ වෙනවා. කසාදයෙන් මාස දෙකක් විතර ගත වෙද්දි අයිසර් අරුම පුදුම අනාවරණයක් කරනව. ​​ඒ තමයි තමන් චර්ම රෝග තත්ත්වයකින් පිඩා විඳින නිසා ‍තමන්ට වතුර අසාත්මික (​ඇලජික්) බව. ​​ඒ නිසා තමන් කවදාවත් නාන්නේ නැති බව ඔහු කියනවා. පස්සේ මේ ගැන හොයා බලන්නට යාරා කටයුතු කරනවා. අයිසර් චර්ම රෝගයකින් පෙළන බව සත්‍ය වුණත්, ඔහුට ජලයෙන් කිසි හානියක් නැති බවට එහිදී හෙළි වෙනවා. ජීවිතේට ස්නානය නොකරන මිනිහෙක් සමග ජීවත් වෙන්න නොහැකි බව පවසන යාරා, ඉන්පසු අයිසර්ගෙන් දික්කසාදය ලබා ගන්නවා.

 

5. පිරිසිදුකම වැඩි නිසා දික්කසාද වෙයි

අපි කලින් කිවුවේ සැමියා අපිරිසිදු වීම නිසා දික්කසාදය කරා ගිය කාන්තාවක් ගැන. මේ කියන්නේ තමන්ගේ සැමියා අතිශයින් පිරිසිදු සහ පිළිවෙල මනුස්සයෙක් වීම නිසා දික්කසාද වුණ කාන්තාවක් ගැන. ජර්මනියේ ජීවත් වුණු මේ යුවළ වසර 15ක් තිස්සේ යුග දිවිය ගත කරනවා. මේ පවුලේ සැමියා ගෙදර දොර නිතර අලුතින් සකසමින් පිරිසිදුවට, පිළිවෙලට තබාගන්න වැඩි කාලයක් යොද​න්න හුරු වූ කෙනෙක්. පමණ ඉක්මවා ගිය මේ පුරුද්ද ක්‍රම ක්‍රමයෙන් බිරිඳට වධයක් වෙන්න ගන්නවා. ​​ඒ නිසා ගැටුම් පවා ​ඇතිවනවා. අවසානයේදී එක් දවසක් තමන්ගේ නිවසේ බිත්තියක් කිළුටු වි ​ඇති බව පවසමින් සැමියා ​​ඒ බිත්තිය කඩා දමා නැවත ගොඩනගන්න යනවා. ඉවසුවා ​ඇති යැයි තීරණය කරන බිරිඳ තව දුරටත් මේ පුරුදු ඉවසන්න බැරි බව කියමින් දික්කසාදය ලබාගන්නවා.

 

6. ට්‍රම්ප් නිසා දික්කසාද වෙයි

ලෝකෙම හොල්ලමින් ​ඇමරිකාවේ ජනාධිපති වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙද්දී තම අසුනින් බැස ගිහින්. නමුත් ට්‍රම්ප් මුල්වරට ජනාධිපති වූ අවස්ථාවේදී වසර 22ක සාර්ථක විවාහ ජීවිතයක් ඔහු නිසා හෙල්ලිලා යනවා. 73 හැවිරිදි විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිණියක් වුණු ගේල් මැක්කෝමික් නම් කාන්තාවට ​​​ආරංචි වෙනවා තම සැමියා ඡන්දය දෙන්නේ තමන්ගේ සදාදරණීය ඩිමොක්‍රටික් පක්ෂය​ට නොව ඩොනල්ඩ් ට්‍රම්ප්ට බව. මෙයින් කුපිත වන ​ඇය සැමියාගේ මේ ද්‍රෝහි වීම දරාගත නොහැකිව වහාම ඔහුගෙන් දික්කසාදය ඉල්ලා සිටිනවා.

 

7. වයස්ගතම දික්කසාදය

අවුරුදු 77ක විවාහ ජීවිතයක් කිවුවම මොකද හිතෙන්නේ? ලේසි නෑ නේද? මේ සාර්ථක විවාහ ජීවිතයට උරුමකම් කිවුව යුවළ ජීවත් වුණේ ඉතාලියේ. මේ යුවළේ සැමියා 99 වැනි වියේ පසුවුණා. බිරිඳගේ වයස අවුරුදු 96ක්. මොවුන්ට දරුවන් 5 දෙනෙක් සහ මුණුබුරු මිණිබිරියන් රැසක් හිටියා. කොහොම නමුත් 77 වසරක විවාහ ජීවිතය දික්කසාදයකින් කෙළවර කරන්නට මේ පවුලේ සැමියා කටයුතු කරනවා. ​​ඒකට හේතුව වෙන්නේ වසර 60කට පමණ පෙර තමන්ගේ බිරිඳ වෙනත් අනියම් පෙම්වතෙකුට ලියන ලද පෙම්පත් කිපයක් සැමියාට හසුවීමයි. මෙයින් බලවත් සිත් තැවුලට පත්වන සැමියා බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා නඩු පවරනවා. මේ දික්කසාදයට අවසර ලැබුණද නැද්ද යන්න ගැනනම් හරිහමන් තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. අවසර හිමි වුණානම් එය ලෝකයේ මෙතෙක් සිදුවුණු වයස්ගතම දික්කසාදය හැටියට වාර්තා පොත් අතරට යන්නට නියමිතයි.

Courtesy – Lifie.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button