custom_html_banner1
විදෙස් පුවත්විශේෂාංග

බිම් බෝ’ම්බ සොයා දුන් යෝධ මීයා විශ්‍රාම යයි – වීර පදක්කම් ලැබූ යෝධ මීයා

custom_html_banner1
Spread the love

බිම් බෝ’ම්බ සොයා දී, ජීවිත රැසක් බේරා ගැනීමට සමත් වූ, වීර පදක්කම් කීපයකින් ද පිදුම් ලැබූ ‘මගාවා’ නමැති යෝධ අප්‍රිකානු මීයා විශ්‍රාම යෑමට සූදානම් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බිම් බෝ’ම්බ සහ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට, මනා සේ පුහුණුව ලැබූ ‘මගාවා’ සිය සේවය ලබා දෙන්නේ කාම්බෝජ රජයය සහ එරට හමුදාවටයි.

‘මගාවා’ වසර පහක් තිස්සේ කාම්බෝජයේ රැදී සිටින අතර, සිය සේවා කාලය තුළ වර්ග මීටර් 2,25,000 ක් පුරා ඉව අල්ලා සෝදිසි කර, පුපුරා නොගිය බිම් බෝ’ම්බ 71 ක් සහ පුපුරන ද්‍රව්‍ය 38 ක් සොයා ගැනීමට දායක වී තිබෙනවා.

‘මගාවා’ගේ නිජබිම ටැන්සානියාවය. ‘මගාවා’ උපත ලබා ඇත්තේ, 2014 වසරේදීයි. වසර කීපයක පුහුණුවකින් පසු ‘මගාවා’ කාම්බෝජයේ බිම් බෝ’ම්බ සෙවීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කර ඇත්තේ 2016 වසරේදීයි.’මගාවා’ පුහුණු කළේත්, ඔහු කාම්බෝජයේ බිම් බෝ’ම්බ සෙවීමට යෙදවූයේත් බෙල්ජියමේ ‘අපෝපෝ’ පුණ්‍ය ආයතනයයි. ‘මගාවා’ වසර පහක් තිස්සේ කාම්බෝජයේ බි ම්බෝ  ‘ම්බ සහ පුපු’රන ද්‍ ව්‍ය සෙවීමේ මෙහෙයුම්වලට දායක වී තිබෙනවා.

”මගාවා කළේ ලොකු මෙහෙවරක්. ජීවිත රැක ගනිමින්, ජීවිත අන’තුරේ නොදමා එයා බි’ම් බෝ’ම්බ සොයා දුන්නා. පුපු’රන දු’ව්‍ ය සොයා දුන්නා. දැන් එයාට වෙහෙසයි. එයාගේ සේවය අප සදා අගය කරනවා. දැන් එයා විශ්‍රාම යන්න කාලය ඇවිල්ලා” යැයි කාම්බෝජයේ බි ම්බෝ’ම්බ සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින ‘අපෝපෝ’ පුණ්‍ය ආයතනයේ මිෂෙල් හෙයිමන් ඒ.එෆ්.පී. පුවත් සේවය සමඟ අදහස් දක්වමින් කියා තිබෙනවා.

‘මගාවා’ බි’ම් බෝ’ම්බ සොයා මෙහෙයුම් කළේ නිරිතදිග කාම්බෝ’ජයේ සියෙම් රීප් පළාතේයි. ලෝ සුප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අන්කෝර් වොට් පන්සල් භූමියේ නටබුන් දකින්න ලැබෙන්නේ ද මෙම පළාතේයි.
.
‘මගාවා’ ට පදක්කම් හිමි වී ඇත්තේ දිවි ප’රදුවට තබා, බි’ම්බෝ’ම්බ සෙවීමේ මෙහෙයුම්වල නියැලීම ඇගයීමට ලක් කරමිනුයි. පසුගිය 2020 වසරේ දී මහා බ්‍රිතාන්‍යයෙන් ද ‘මගාවා’ ට ගෞරව පදක්කමක් පිරිනැමුනා.

යුදමය අවස්ථාවලදීත් යුද ගැටුම්වලින් පසු’වත් වීර වික්‍රම සිදු කළ සතුන් ඇගැයීම බ්‍රිතාන්‍යය විසින් සිදු කරනු ලබයි. බල්ලන්, බළලුන් පමණක් නොව, යුද සමයේ ඔත්තුකරුවන් ලෙම ලෙස කටයුතු කළ පරෙවියන්ට පවා මෙසේ වීර පදක්කම් හිමිවී තිබෙනවා . ‘මගාවා’ වීර පදක්කමක් හිමිකර ගැනීම, මීය’කුට වීර පදක්කමක් ලැබුණු පළමු අවස්ථාව ලෙස ද සැලකෙයි.

custom_html_banner1

‘මගාවා’ ට මිනිත්තු 30 ක් ඇතුළත ටෙනිස් පිට්ටනියක් වැනි ප්‍රමාණයක් ඉතා හොඳින් සෝදිසි කළ හැකියි. බි’ම්බෝ’ම්බ සොයන යන්ත්‍ර යොදා ගනිමින් එසේ කිරීමට ගතවන කාලය දින 4 ක් බවත් සඳහන්. බෝ’ම්බ’යක් හෝ පුපු’රන ද්‍රව්‍’ය හෝ හමුවුණු විට ‘මගාවා’ බි’ම හාරමින්, එතැන පුපුරන ද්‍රව්‍ය ඇතැයි ඌ මෙ’හෙයවන බෝ’ම්බ නිශ්ක්‍’රීය නිලධාරීන්ට අඟවයි.

සාර්ථක ලෙස ඉක්මණින් ‘ බි’ම්බෝ ”ම්බ සොයන පුහුණු කළ මීයන් 20 දෙනකු තමන් සතු බව ‘අපෝපෝ’ ආයතනය පවසයි. කෙසේ නමුත්, ඒ කිසිවකු ‘මගාවා’ ට සමාන කළ නොහැකි බව ද එම ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර තිබෙනවා.

01

 

02

03

04

 

05

 

06

07

08

 

09

10

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button