custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ඕස්ට්‍රේලියාවේ “ඩෙල්ටා” කොවිඩ් පොකුර ඇතිවීමට ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ බවට හෙළිවෙයි

custom_html_banner1
Spread the love

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර “ඩෙල්ටා” කොවිඩ් පොකුරට සම්බන්ධ පළමු ආසාදිතයා හඳුනාගැනීමට එරට සෞඛ්‍ය අංශ සමත් වී සිටිනවා.

මැයි 08 ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගෙන් මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට ඔවුන් තහවුරු කර ගෙන තිබෙනවා.

පළමු ආසාදිතයා සොයා ගැනීමත් සමගම මෙල්බර්න් නුවර අඟුළු දැමීම තවත් දින කිහිපයකින් ලිහිල් කිරීමට නියමිත අතර අඟහරුවා දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් දෙදෙනාද පළමු ආසාදිතයාට සම්බන්ධ බවට තහවුරු කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් ඇති සංචාරකයා 40 වැනි වියේ පසුවන බවට තහවුරු කරගෙන තිබෙනවා. ඔහුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මැයි 14 දා රෝහල් ගත කර ඇති අතර සුවය ලැබීමෙන් අනතුරුව මැයි 23 දා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

Source – colombotimes.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button