custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

නගර 100ක් අලංකාර කිරීමට කැබිනට් අනුමැතිය

custom_html_banner1
Spread the love

රට පුරා අවිධිමත් සහ අපිළිවෙළ ලෙස පවතින නගර 100ක් හඳුනාගෙන සංවර්ධනය කිරීම සඳහා ‘සියක් නගර’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (ජූනි 08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව පැවසීය.

අදාළ ප්‍රාදේශීය හා පළාත් පාලන ආයතනවල සහය මෙන් ම පෞද්ගලික අංශයවල සහය ද ඇතිව තෝරාගනු ලබන නගර සංවර්ධනය කිරීමට එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“ඉතාමත් ම සංවිධානාත්මක ලෙස සංවර්ධනය ඉදිරියට විය යුතුයි කියන මතය අනුව ‘සියක් නගර’ කියන වැඩපිළිවෙළ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නගර 100ක් තෝරාගත් ක්‍රමවේදයක් අනුව පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශ සියල්ලත් මේකට මේකට සම්බන්ධ කරගෙන විශේෂයෙන් ම පළාතේ ප්‍රාදේශීය සභාවන් සහ පළාත් පාලන අමාත්‍යංශත් සම්බන්ධ කරගෙන හඳුනාගත් නගර 100ක් ඉතා විධිමත් ලෙස සංවර්ධනය කරන්න මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

කාංචනා විජයබණ්ඩාර
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button