custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සහන අවශ්‍ය අයට එළවළු සහ පලතුරු නොමිලේ ලබා දෙන බව රජය කියයි

custom_html_banner1
Spread the love

අවශ්‍යතාව පරිදි එළවළු සහ පලතුරු නොමිලේ ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, සංචරණ සීමා හේතුවෙන් ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පළතුරු තොග රජය මගින් මිල දී ගෙන ඒවා අවශ්‍යතාව පරිදි නොමිලේ ඒ බෙදා හැරීමට නියමිත ය.

එම එළවළු හා පලතුරු තොග දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගණන් යටතේ දිසාපතිවරුන් මගින් මිල දී ගැනීමට කටයුතු කෙරේ.

එහිදී එසේ මිල දී ගනු ලබන එළවළු හා පලතුරු තොග සංචරණ සීමා අවසන් වන තෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලු ම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන්, අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පරිදි නොමිලේ ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

අම්රා ලියාකත්
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button