custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පැය 3ක් තුළ ඊයේ කොළඹට පැමිණි වාහන සංඛ්‍යාව 78,000 ඉක්මවයි

custom_html_banner1
Spread the love

ඊයේ (ජූනි 7) දින පෙ.ව. 6.30 – 9.30 දක්වා කාලය තුළ වාහන 78,022ක් පමණ කොළඹ නගරයට ඇතුළු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම වාහන අතරින් වැඩි ම සංඛ්‍යාව වන වාහන 20,397ක් පමණ මූල්‍ය හා බැංකු ක්ෂේත්‍රයේ සේවකයින් රැගෙන ආ ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ඊට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වාහන 9,710ක් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ආරක්ෂක අංශවලට අදාළ වාහන 8,250ක් ද එම කාල පරිච්ඡේදය තුළ කොළඹ නගරයට ඇතුළු වූ බව ය.

මේ අතර වාහන 976ක් කිසිදු හේතුවක් නොමැතිව කොළඹ නගරයට ඇතුළත්වීමට උත්සහ දරා ඇති අතර එම වාහන නැවත හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තව ද පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1028 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 30 වන දා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 25,886 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තව ද ඔහු ප්‍රකාශ කළේ, දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කළ ඩ්‍රෝන මෙහෙයුමකින් සංචරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 22 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව ය.

custom_html_banner1

ප්‍රියාශා හෙට්ටිහේවා
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button