custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සයිබර් ප්‍රහාරයක් ගැන අසත්‍ය තොරතුරු පළ කළ බව කියන ITSSL සභාපති CID අත්අඩංගුවට

custom_html_banner1
Spread the love

ජනාධිපති කාර්යාලයේ සහ රජයේ තවත් වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය තොරතුරු පළ කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමැති ආයතනයක සභාපතිවරයා ලෙස කටයුතු කරන රජීව් මැතිව් යසිරු කුරුවිටගේ නමැති අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

සයිබර් ප්‍රහාරය පිළිබඳ අදාළ පුද්ගලයා නිකුත් කළ නිවේදනය අසත්‍ය බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කර ඊයේ (ජූනි 7) සවස ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු අද (ජූනි 8) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සැකකරුට එරෙහිව පරිගණක අපරාධ පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නියමිත බවය.

තාරක සම්මාන්
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button