custom_html_banner1
දේශීය පුවත්

පාසල් පද්ධතිය අරින්න දැඩි වුවමනාවක් තියෙනවා – අධ්‍යාපන ඇමති

custom_html_banner1
Spread the love

පාසල් පද්ධතිය විවෘත නොකිරීම තුළ පාසල් දරුවන් දැඩි ආතතියකට ලක්ව ඇති නිසා හැකි ඉක්මනින් පාසල් පද්ධතිය විවෘත කිරීමට අන් කාටත් වඩා තමන්ට දැඩි වුවමනාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

රටේ පවතින කොරෝනා ව්‍යසනයත් සමඟ පාසල් පද්ධතිය විවෘත කරන දිනය පිළිබඳව නිශ්චිත යමක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතැයිද සංචරණ සීමා පැනවීම තුළ පාසල් දරුවන් නිවෙසේ කාලය ගත කළද අන් දරුවන් සමඟ සෙල්ලම් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකිවීම ආදී විවිධ හේතු කාරණා නිසා පාසල් දරුවන් දැඩි ආතතියකට ලක්ව ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

නැවතත් පාසල ආරම්භ කරන දිනය පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි නමුත් හැකි ඉක්මනින් මේ තත්ත්වය අවසන් කොට පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. නමුත් ඒ සියල්ල එකම එක සාධකයකට යටත්ව සිදුකළ යුතු නිසා සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිදු අවදානමකට දරුවන් ලක් කිරීමට තමන් සූදානම් නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කරයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button