custom_html_banner1
විදෙස් පුවත්

ඉතිහාසයේ වූ දේ යළිත් සිදුවේවියැයි හැරී බියෙන්

custom_html_banner1
Spread the love

ඉතිහාසයේ වූ දේ යළිත් සිදු වනු ඇතැයි තමා බියෙන් පසුවන බව බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වූ, සසෙක්ස් ආදිපාද යුවළෙහි හැරී (කුමරු) පවසයි.

ප්‍රවීණ නිවේදිකාවක වන වින්ෆ්‍රි ඔපෙරා මහත්මිය සමග මෑතකදි පැවති සම්මුඛ සාකච්චාවකදී ඔහු මේ බව පැවසීය.

SBS මාධ්‍ය ආයතනය විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්චාවේ සම්පූර්ණ වීඩියෝව මාර්තු 7 වැනිදා විකාශනය වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ඔවුන් එහි කොටස් කෙටි වීඩීයෝ පට ලෙස විකාශනය කර තිබිණි.

“මම බොහොම සතුටු වෙනවා, මගෙ බිරිද පසෙකින් තබාගෙන ඔබ සමග මේ දේවල් කතාකරන්න ලැබීම ගැන” සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් සමග හිදිමින් හැරී පැවසීය.

“මට හිතාගන්න බැහැ, මගෙ අම්මා අරතරම් අසීරු කාලයක් කොහොම පීඩාවකින් ගතකලාද කියලා. අපි දෙන්නට පවා ඒක දුෂ්කර කාලයක්. ඒත් අවම වශයෙන් මෙතැනදි අපිට අපි දෙන්නා හෝ ඉන්නවා” යැයි ඔහු සදහන් කළේ මේගන්ගෙ අත සිය අතෙහි රඳවා ගනිමිනි.

හැරීගේ මව වූ, ලෝක ජනාදරයට පත් ඩයනා කුමරිය මිය ගියේ පැපරාසීන් විසින් හඹායන ලදුව, පැරිසියේදී රිය අනතුරකට ලක්වීමෙනි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් මේගන් සම්බන්ධයෙන් ද එවැනි ලුහුබැදීම් සිදුකෙරෙමින් ඔවුන්ගේ ජීවිතයට අනවශ්‍ය බලපෑම් කරමින් සිටියේය. මේ හේතුවෙන් හැරී , මේගන්‍ යුවළ එරට ටැබ්ලොයිඩ් පුවත්පතකට එරෙහිව නීති පියවර ද ගත්හ. මේගන්ගේ මව සහ පියාගෙ ජාතිය වෙනස් බව සදහන් කරමින් ද, ඇය සහ පියා අතර හුවමාරු කෙරුණු ලිපි මාධ්‍යවල පළකරමින් ද එරට මාධ්‍ය ආයතන ඇයට පීඩා පැමිණවීය.

custom_html_banner1

සසෙක්ස් ආදිපාද යුවළ රාජකීය සේවයෙන් සහ තනතුරුවලින් මිදී, කැලිෆෝනියාවේ පදිංචියට ගොස් වසරකට වැඩි කාලයක් ගත වී ඇත. මේ පිළිබදව එලිසබෙත් රැජිණ ප්‍රමුඛ රාජකීය පවුලෙන් ලැබුණු ප්‍රතිචාරය යහපත් නොවීය.

කෙසේවෙතත්, ඔවුහු මේ වනවිට ඔවුන්ගේ දෙවන දරු උපත බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන්ට මේ වනවිට ආචී නමින්, අවුරුදු දෙකක් පමණ වයසැති පුතෙක් සිටී.

Courtesy – Lankadeepa

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button