custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු රේනෝව පපුවේ කොටාගත්, සුපිරි නැට්ටුවා ලලිත් පැරකුම්

custom_html_banner1
Spread the love

නර්තනය කියන්නේ අපි හැමෝමව එන්ටර්ටේන් කරන දෙයක්. එක එක මිනිස්සුන්ට ඒ රහ එක එක විදිහට දෙන්න පුලුවන්. ඒ විදිහට නර්තනය කියන දේ වෙනම රහකට දුන්න අපේ රටේ නැට්ටුවෙක් විදිහට ලලිත් පැරකුම් හඳුන්වන්න පුලුවන්. ලලිත් කලකට පෙර කරලියට එන්නේ සිරස ඩාන්සින් ස්ටාර් සීසන් 3 වැඩසටහන ඔස්සේයි. එහි අවසානට තෙක් දිගු දුරක් පැමිණෙන්නට ලලිත් පැරකුම්ට හැකිවුණා. එයින් පසුව හිරු සුපර් ඩාන්සර් වැඩසටහනෙන් ඉහළ ජනප්‍රසාදයක් ලබාගන්නට ලලිත් පැරකුම්ට හැකිවුණා.

එහි අවසන් කිරුළ ඔහු සමග තරඟ කල පාසල් වයසේ පසුවන සිසුවියට ගුරුවරයෙක් වශයෙන් හිඳ හිමි කරදෙන්නට ඔහු සමත් වුණා. එයින් පසුව නර්තන ඇකඩමි පවා ඔහු විසින් ආරම්භ කර තිබුණා. කොහොමවුණත් හිරු මෙගා ස්ටාර්ස් 3 වැඩසටහනට එක්වීමටත් ඔහුට හැකිවනවා. ඒ රංගන ශිල්පිණි ඩිෂ්නි සමගිනුයි. හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවේ ගෝල්ඩන් බසර් පළමු ජයග්‍රහණය හිමි කරගන්නටත් පසුගිය සතියේ ඔවුන් දෙදෙනාට හැකි වුනා.

කොහොම වුණත් ලලිත් කියන්නේ ටැටූ කලාවට ගොඩක් කැමති කෙනෙක්. ලලිත් තමන්ට උපකාර කල මිනිසුන්ව සිය පපුවේ ටැටූවකින් සටහන් කරගන්නට අමතක කරන්නේ නෑ. ඒ අතරින් හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු රේනෝ ද සිල්වා මහතාවත් සිය පපුවේ ටැටූවක් ලෙස සටහන් කරගැනීමට ලලිත් කටයුතු කරනවා.

ඒ වගේ හිරු ටීවී වැඩසටහන් අධ්‍යක්ෂක විරාජ් වැලිවත්ත මහතාවද පපුවේ ටැටූවක් ලෙස ලලිත් සටහන් කරගන්නවා. ලලිත් නම් කියන්නේ අද තමන් මෙතන ඉන්නේ හිරු නිසා බවත්, රෙනෝ ද සිල්වා මහතා ඔහුට උදව් කල බවත් ඊට කළගුණ සැලකීමක් ලෙස මෙලෙස ටැටූ සටහන් කරගෙන තිබෙන බවයි.  ඒ වගේම තමන්ට උදව් උපකාර කල සියලුම දෙනාව තමන්ගේ පපුවේ ටැටූ ලෙස කොටාගෙන ඇති බවද ලලිත් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ඉතින් මේ සුපිරි නැට්ටුවා ලලිත්ගේ සියලූම ටැටූ එක්ක ඔහුගේ ජීවිතේ සුන්දර ජායාරූප පෙළක් අද අපි ඔබට ගෙනාවා.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

 

17

 

 

18

 

19

 

20

 

21

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button