custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගර්භණී මාතාවන්ට දෙන කොවිඩ් එන්නත් වර්ගය සහ ඇරඹෙන ප්‍රදේශය

custom_html_banner1
Spread the love

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත මෙරට ගර්භණී මාතාවන්ට ලබා දීමට නිර්දේශ කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (ජූනි 7) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් එළඹෙන 9 වන දා අදාළ එන්නත් ලබා දීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

“එන්නත් වර්ගය Sinopharm එන්නත තමා මේ මොහොතේ අපිට ලබා දීමට නිර්දේශ කරලා තියෙන්නේ. ඒක 9 වෙනි දා අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට සැලසුම් කරලා තියෙන විදියට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් තමා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ.”

තාරක සම්මාන්
Source – Mawbima.lk

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button