custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

කුස ගින්නේ සිටි තම මහලු මවට හාල් මිටක් පමණක්දී ආපසු ගිය ලක්ෂපති ගුරුවරයා

custom_html_banner1
Spread the love

මේ දිනවල පවතින වසංගත තත්වය නිසාත් රටටම යොදා තිබෙන සචරණ සීමා නිසාත් ගංවතුර, නායයෑම් වැනි ස්භාවික විපත් නිසාත් අපේ රටේ බොහෝ දෙනෙක් අසරණ වී සිටින බව රහසක් නෙමෙයි. නමුත් අන් අයට උපකාර කරමින් දුක සැප සොයා බලබින් තමන්ට හැකි අයුරින් තව කෙනෙකුගේ කුස පුරවන්න දායක වෙන මනුසත්කම සපිරුණු මිනිසුන් බොහෝ දෙනෙක් අපේ රටේ ඉන්නවා. ඉතින් ඒ අතර කුඩා කල සිටම කවා පොවා උස් මහත් කලාට පස්සේ තම මව් පියන් අමතක කරන, තනියම සැප විදින පිරිසකුත් නැතුවාම නොවේ. ඉතින් උයා පිහා ගන්න අඩුම කුඩුම නැති බව අම්මා කළ දැනුමදීමකින් පසුව වෙසක් පොහෝය දවසේ අලුත් කාර් එකකින් ඇවිත් නාඩු හාල් කිලෝ පහක් පමණක් අම්මාට දීලා මවගේ මුහුණ දෙසවත් නොබලා ආපසු හැරී ගිය පුතකු ගැන තමයි අපි මේ කියන්නට යන්නේ.

වසර හැත්තෑවක් ඉක්මවූ මේ මහලු කාන්තාව පදිංචි වෙලා ඉන්නේ ජාඇළ ප්‍රදේශයේ ගමකයි. ඇය ජීවත් වෙන්නේ තනියම. ඉතින් දුර බැහැර පදිංචි දරුවන්ට මේ මව ගැන නිතර සොයා බැලීමට හැකියාවක් නැහැ. ඉතින් මේ මහලු මවගේ නිවෙසට ආසන්නයෙන් වෙසෙන පුතා උපකාරක පන්ති වලින් නමගිය චරිතයක්. එහෙත් ඇය ජීවත් වෙන්නේ දැඩි අපහසුතා මැදයි. දුර බැහැර සිටින ඇයගේ දරුවන් ඉඳහිට ආගියත් ළඟම ඉන්නා පුතු නම් අම්මා බලන්නට එන්නේම නැති ගානයි. කොරෝනා සංචරණ සීමා නිසා දුර බැහැර සිටින දරුවන්ට අම්මාගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නටවත් අම්මාගේ දුක සැප බලන්නටවත් එන්න විදිහක් නැති වෙලා තියනවා. මේ නිසා මවගේ එදිනෙදා වේල පිරිමහ ගැනීම මේ මහලු මවට ගැටලුවක් වෙලා තිබෙනවා. මේ තියන තත්වය උඩ ඇයට අසල්වාසීන්ට කරදර කරන්නට ද බැහැ. ඉතින් මේ මව සිටින නිවසට සමීපයේ සිටින එකම පුතුට දුරකතන ඇමතුමක් දීලා තියෙන්නේ කරගන්නම දෙයක් නැති වූ විටයි.

“පුතේ මට කෑමට අඩුම කුඩුම ටිකක්වත් නැහැ. නංගිලාට එන්න විදියකුත් නැහැනේ.” කියලා මව පවසලා තිබුණා. නමුත් පුතුගෙන් කිසිම පිළිතුරක් ලැබිලා නැහැ. කොහොම නමුත් වෙසක් පෝය දා දවල් මවගේ නිවෙස ඉදිරිපිට ලක්ෂ හැට හැත්තෑවක් වටිනා කාර් එක නැවතූ පුතු එයින් බැස ඇවිත් නාඩු සහල් කිලෝ පහක පැකට්ටුවක් මිදුලේ සිටම අම්මාට දී පුතා ආපසු හැරුණා.“අනේ පුතේ ලුණු පැකට් එකක්වත් ගෙනෙන්න තිබුණනේ. එහෙම නම් මට බත් උයාගෙන ලුණු ඉහගෙනවත් කන්න තිබුණා” යි ඇය කියද්දී කිසිම දෙයක් ඇසුනේ නැති ගානට පුතා නැවත යන්න ගියා.

Source – Kotuwepaththare.com

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button