custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර නොමැතිව මාර්ගවල ගමන් කරන පිරිස් නිරෝධායනයට

custom_html_banner1
Spread the love

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පොලීසිය කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ දිනයේ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ඒ පිළිබඳව දැනුම්දී තිබේ.

ඒ අනුව, යම් පුද්ගලයෙක් අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහනයක් පදවන්නේ නම් සහ ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරන බවට අනාවරණය වන්නේ නම් ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලීසිය බලාපොරොත්තු වන බව අජිත් රෝහණ මහතා පැවසීය.

එම පිරිස් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට අමතරව මෙම පියවර ද ගනු ඇත.

මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 913 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේ කොළඹ නගරයට ඇතුළු වූ වැඩිම වාහන ප්‍රමාණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වාහන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම වාහන සංඛ්‍යාව 4,802කි.

custom_html_banner1

මේ අතර ඊයේ දිනයේත් මාරක රිය අනතුරු 3ක් වාර්තා වී තිබේ.

එලෙස රිය අනතුරුවලට ගොදුරු වන බොහෝ පිරිසක් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කළ අය බවට අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Source – Ada Derana

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button