custom_html_banner1
දේශීය පුවත්

සංචරණ සීමා දික් කිරීම සම්බන්ධ තීන්දුව එකළොස්වැනිදා

custom_html_banner1
Spread the love

ලබන සිකුරාදා (11) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී පවතින තත්ත්වය සමාලෝචනය කර සංචරණ සීමා යළි දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14 වැනිදා) සඳුදා අවසන් වීමට නියමිතය.

කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා හට පිටු 3ක ලිපියකින් දැනුම් දී තිබිණ.

සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවකි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button