custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මම ඇත්තෙන්ම හරිම සරල කෙනෙක්

custom_html_banner1
Spread the love

ඇය බොහෝ දෙනා දැක ඇත්තේ අන්තර්ජාලයේ ‘ෆේස්බුක්’ නැතිනම් ‘මුහුණු පොත’ තුළිනි. කලාත්මක ගණයේ සරාගී ඡායාරූප පළකරන ඇය අද දවසේදී බොහෝදෙනාගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වී සිටින්නීය.

අද දවසේදී ඇයට ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසින් තම හැකියාවන් පෙන්නුම් කිරීමට ඉඩ ප්‍රස්ථාව උදාවී තිබේ.

මේ සුරූපී නිරූපිකාව නමින් හෂිනි ගුරුගේය. ඇය තමන්ගේ ගමන් මඟ පිළිබඳව ‘සති අන්තපුවත්පතට’ට කතා කළේ මේ අයුරිනි.

“මගේ ගම පොළොන්නරුව. කලා කටයුතුවලට පහසුවෙන්න තමයි මම කොළඹට ඇවිත් ඉන්නේ. කැකුළවෙල මහ විදුහලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. ඇත්තටම මම හීනෙකින්වත් හිතුවේ නෑ නිරූපිකාවක් වෙන්නවත් රංගන ශිල්පිනියක් වෙන්නවත්.

ඒත් අනෙක් අයගේ මෝස්තර නිරූපණ දැකලා මටත් ආසාවක් ඇතිවුණා. ඒ විදිහට තමයි මම වෙනස් ආකාරයේ ඡායාරූපවලට පෙනී සිටියේ.

මේ ඡායාරූප ‘මුහුණු පොතේ’ පළ කළාට පස්සේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. මට අවශ්‍ය වුණේ හැමදාම දකින දෙයට වඩා වෙනස් දෙයක් කරන්නයි. ඒ නිසා තමයි අඩ නිරුවත මම කලාත්මක ආකාරයෙන් නිරූපණය කළේ.

ගොඩාක් දෙනා කැමැත්තක් දැක්වූවා. හැබැයි ඉතින් විවේචන කරන අයත් ඉන්නවා. ඡායාරූපවලට හොඳ හා නරක ප්‍රතිචාර දෙකම සමව මට ලැබෙනවා.

custom_html_banner1

2018 වසරේදී තමයි මම ‘මොඩ්ලින්’වලට එන්නේ. මගේ ඡායාරූප දැකලා මට රංගනයට එන්න ගොඩාක් අය ආරාධනා කළා. මම ඒ අනුව ‘සල්මල් ආරාමය, නෝ පාර්කින්, සිල් සුවඳ, අඳුරු සිතුවම්’ ඇතුළු හිරු නාලිකාවේ ටෙලි චිත්‍රපට රැසක රඟපාන්න ලැබුණා.

මට මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි නම් තවම නෑ.

මොකද මට මේ ක්ෂේත්‍රයේ යාළුවෝ නෑ. ඒ නිසා කැපිලි කෙටිලි, කේලාම් ආදිය මට ලැබෙන්නේ නෑ. මට අවශ්‍ය මොඩ්ලින් ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයේත් ඉදිරියට යන්නයි. දැනටමත් ඒ කටයුතුවල මම නිරත වෙලා ඉන්නේ.

ගෙදරින් මට ප්‍රශ්නයක් නෑ. පවුලේ එකම දරුවා විදිහට මගේ මවුපියන් මේ කටයුතුවලට මාත් එක්ක සහයෝගයෙන් ඉන්නවා.

ඔවුන් දන්නවා මම නිවැරැදි තීරණ අරන් හරි මාර්ගයේ යන බව. මම ඇත්තෙන්ම හරිම සරල කෙනෙක්. මම කලාවට ආදරෙයි. ඒ ආදරය නිසා තමයි මෙතරම් ඉක්මනට රසිකයන්ගේ ආදරයත් මට හිමිකරගන්න පුළුවන් වුණේ.”

හෂිනි හෙට දවසේ මෙරට කලා ක්ෂේත්‍රයේ පෙරැළිකාර චරිතයක් වනු නොඅනුමානය.

සමන්ත යහම්පත්

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button