custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මහත්තයා නිසා, කොච්චි සංගීත කණ්ඩායමෙන් ඉවත් වූ සුරූපී ටශ්නි දැන් කියන කතාව

custom_html_banner1
Spread the love

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයේ සීසන් 3 තරගය තුලින් තමයි ටශ්නි චතුරංගි පෙරේරා කියන නම හැමෝටම හඳුනාගන්න ලැබෙන්නේ. අලුත් සංගීත කණ්ඩායමක් තුලින් ඉහලටම ආ තරුණියක් හැටියට ගොඩක් දෙනෙක් ආදරය දිනගත් අයත් එක්ක කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ. ඉතින් ඇය ගැන ටිකක් විමසුවොත් ඇය පුංචි කාලේ ඉදල මේ වෙනකල් සංගීතය පැත්තෙන් ඉදිරියට එන්න ඕනේ කියල හිතපු කෙනෙක් නම් නෙවෙයි.

ඇයත් ඉගනගෙන් රැකියාවක් කිරීමේ අරමුණින් තමයි කටයුතු කලේ. මේ සියල්ල වෙනස් වෙන්න ගත්තේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියට පැමිණීමත් එක්ක සිවුවැනි ස්ථානයට පැමිණීමත් එක්ක තමයි. ඒ සමගම ඇයට ලැබුනේ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් කියල තමයි ඇය නම් කියන්නේ.

හැමෝම හඳුනන කොච්චි සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න හිතුවේ ඇයි. 

අපි ඇත්තටම කණ්ඩායමක් හැටියට ගොඩක් හොදින් වැඩ කටයුතු කරගෙන ආවා. ඒ අතරතුර තමයි පොඩි ප්‍රශ්න කිහිපයක් ඇති වුනේ. මම තනියම විදේශ සංචාර වලට සහභාගී වෙන්නේ නෑ. ගෙදරින් අම්ම තාත්තා එක්ක තමයි මේ හැම තැනම වගේ මම ගියේ.

දැන් මම ඉන්නේ විවාහ වෙලා. ඉතින් මම තනියම සංචාරයට යන කෙනෙක් නෙවෙයි. මට එහෙම උවමනාවක් නැති නිසා තමයි මම එම කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණේ කලේ. මොකද එම කණ්ඩායමට විදේශ සංචාර බොහෝමය දැනටමත් ලැබිලා තියනවා. ඒ වෙනුවෙන් මම මගේ මහත්තය එක්ක යනවට අනිත් ය කැමැත්තක් තිබුනේ නෑ. ඉතින් මට මගේ පවුල් ජීවිතය හැම එකටම වඩා වැදගත් ඒ නිසා මම මගේ මහත්තයා එක්ක මගේ සන්ජිත ජිවිතේ තනියම ගමනක් යනවා කියල තීරණය කළා.

මහත්තයා ගැන. ඔබේ පවුල ගැන කිවොත්. 

මහත්තය සංගීතයට එහෙම සම්බන්ද කෙනෙක් නම් නෙවෙයි. මහත්තයා ගයාන් විශ්වජිත්. ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්. මට අද වෙද්දී රංගනයටත් ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙන්නේ. කොහොම නමුත් මම දන්නවා මට රංගය ටිකක් අමාරුයි කියලා. ඉතින් මගේ කිසිම අදහසක් නෑ රංගනය වෙනුවෙන් දායක වෙන්න නම්. ඒ වගේම මම මගේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ ගයනම පැත්තෙන් විතරයි. දැනටමත් මම වෙළෙඳ දැන්වීම් වල හඩ දායකත්වයක් පවා ලබාදීම කරලා තියනවා.

custom_html_banner1

දැනට මගේ පුතා වයස අවුරුද්දයි මාස හතක වෙනවා. මම හරිම ආසාවෙන් තමයි චේතාන් පුතා එක්ක කාලය ගත කරන්නේ. පුතා නිසා මේ දිනවල කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. පුතාගේ වැඩ මුල්ක කරගෙන අනේත් වැඩක් කරගෙන ඉදිරියටම යනවා. මට දනට් වයස අවුරුදු 27යි. මම හැමදේම වගේ ඉගෙනගත්තේ සමාජෙන්. මොකද මම වැටෙන්න ඕනේ හොදම තැන වලින් වැටුන කෙනෙක්. ඉතින් කොහොම හරි මේ විදියට හොද ඉවසීමේන් මේ ගමන යනවා.

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button