දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් දේහ භුමදනයට එරෙහිව ඉරණතිව් දුපත් වැසියන් විරෝධතාවයේ

කොවිඩ් 19 වයිරස ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව කිලිනොච්චි, ඉරණතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඉරණතිව් දූපතේ වැසියන් විසින් කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට වෙන් කරන ලද ඉඩමෙහි නාවික හමුදාව විසින් හාරා තිබූ වළවල් වසා දමා දූපතට මෘතදේහ ගෙන ඒමට විරෝධය පළ කරමින් මෙලෙස ඉරණමාතා නගර් වෙරළ තීරයේ දී විරෝධතාව සිදු කර තිබේ.

ඉරණතිව් දූපත තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත්, කොවිඩ් මෘත දේහ දූපතට රැගෙන ඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවත් ඉරතිව් දූපත් වැසියෝ පැවසූහ.

මන්නාරම් බොක්කෙහි ඉරණතිව් දූපත සොහොන් බිමක් බවට පත් කිරීමෙන් වළකින ලෙසයි ප්‍රදේශවාසීන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

කොවිඩ් මෘත දේහ දූපතට රැගෙනඒම හරහා දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්‍යම අහිතකර තත්වයන් රැසක් උද්ගත වන බවත්, ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තීය කර ගැනීමට නොහැකි වන බවත් විරෝධතාවයට එක්වූ කිතුණු ආගමික නායකයෝ කීහ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා ඊයේ (02) ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපතේ ඉඩම් කොටසක් වෙන් කර ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button