custom_html_banner1
ක්‍රීඩා පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

LPL තරඟ පවාදීමේ චෝදනාවට අදාළව සචිත්‍ර සේනානායකගෙන් පැය 09 ක් ප්‍රශ්න කරයි

custom_html_banner1
Spread the love

LPL විස්සයි විස්ස තරඟාවලිය අතරතුරේ දී ක‍්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී තරඟ පාවාදීමට කටයුතු කිරීමේ සිද්ධියට අදාළව ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් සචිත්‍ර සේනානායකගෙන් පැය 9 ක් පමණ ප්‍රශ්ණ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

අද පෙරවරුවේ, කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටා තිබෙන මෙම ඒකකය හමුවේ නීතිඥයෙකු මාර්ගයෙන් පෙනී සිටි ඔහු ප්‍රකාශය ලබාදීමෙන් පස්වරු 6.30ට පමණ ඉන් පිටව ගොස් ඇති අතර හෙට දිනයේ ද ඔහු කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතයි.

මෙම පරීක්ෂණයට සහභාගි වීමට පෙර ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉල්ලා සිටියද අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම විමර්ශණයට අදාලව LPL තරඟාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම එකකයේ නිලධාරීන් මිට පෙර කටයුතු කර තිබුණි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button