custom_html_banner1
දේශීය පුවත්

කොවිඩ් වසංගතයට එරෙ’හිව සටන් කරන්න ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ආධාර

custom_html_banner1
Spread the love

කොවිඩ්-19 වසංගතයට එරෙ’හිව සටන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත තවත් ආධාර තොගයක් අද (ජූනි 5) පරිත්‍යාග කර තිබේ.

Pulse Oximeters 1200ක් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපාංග 880,000ක් ඊට ඇතුළත් බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණ්විඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මෙම ආධාර ශ්‍රී ලංකාවට මෙන් ම මාලදිවයිනට ද හිමිවන බව සඳහන් වේ.

මින් පෙර ද ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාව වෙත අසාධ්‍ය රෝගීන් සඳහා භාවිත වන වෙන්ටිලේටර් කට්ටල 200ක් හිමි විය.

පසුගිය දා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලෝකය සමග කොවිඩ් මර්දන එන්නත් මිලියන 80ක් බෙදාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button