custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

රැකියාවේ පීඩනයෙන් මිදෙන්න රියැලිටි වේදිකාවේ ගී ගයන අපූරු වෛද්‍යවරයා

custom_html_banner1
Spread the love

මේ වනවිට අපේ රටේ මෙන්ම මුළු මහත් ලෝකයටම තර්ජනයක් වෙලා පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වෛද්‍යවරුන් මහත් අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. ඉතින් මෙම වසංගතය හමුවේ ඉමහත් කැපකිරීමක් කරන මේ අපූරු කඩවසම් තරුණ වෛද්‍යවරයා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩිසත්කාර ඒකකයේ සේවය කරන ටිලාන් විජයවර්ධන මහතායි.

එහෙත් මේ වෛද්‍ය තරුණයාව මේ වන විට බොහෝ දෙනෙක් හදුනන්නේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරයකු විදිහට නොවේ. තරගකාරී රියැලටි වැඩසටහනක් වූ ද වොයිස් හි මනරම් ගැයුම් ගයමින් සිටින ගායකයකු විදිහටයි. ඉතින් මේ ගතවන උවදුරු සමයේ, ජාතිය සුවපත් කිරීම සඳහා කැපවන ප්‍රධානම වෛද්‍ය මධ්‍යස්ථානයෙහි වෛද්‍යවරයෙක් ලෙස ආතතියෙන් පිරුණු රැකියා පරිසරයක රැඳෙමින්ම ඔහු මේ දක්වන සංගීත හැකියාව ගැනනම් කතා නොකරම බැහැ.

ඉතින් බොහො පීඩා මැද රාජකාරි කරන වෛද්‍යවරයෙක් විදිහට සංගීතය මඟින් මානසික අස්වැසිල්ලක් සොයා යන ඔහුගේ කතාව අපිට කිවුවේ මෙන්න මෙහෙමයි. මගෙ නම ටිලාන් විජයවර්ධන. මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ගම්පළාත ගාල්ල. මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය හැදෑරුවේ. අම්මයි තාත්තයි නංගියි මමයි තමයි පවුලේ ඉන්නෙ. නංගිත් වෘත්තීයෙන් වෛද්‍යවරියක්. මව වෘත්තීයෙන් ගුරුවරියක්. පියා වැවිලිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක්.

මගේ බිරියත් වෛද්‍යවරියක්. ඇය කළුබෝවිල රෝහලේ සේවය කරනවා. මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. මට අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යෑමේ උනන්දුව ඇති කළේ මගේ මව. ඇය මට කිසිම බලපෑමක් කළේ නැහැ. වෛද්‍යවරයෙක් වෙන්න කියලා. ඇය කිව්වේ හොඳින් ඉගෙන ගන්න කියලා. මම සංගීතය ප්‍රගුණ කරනවට ඇය කැමැත්තෙන් හිටියා. ඇය වඩාත් කැමති වුණේ මම වාදකයෙක් වෙනවා දකින්න. ඒත් පාසල් කාලයේදි පද්‍ය ගායනා තරගවලින් සමස්ථ ලංකා ප්‍රථම දෙවන ස්ථාන මම ලබාගෙන තියනවා. පාසලේදී බටහිර සංගීතය තමයි හැදැරූවේ. මට ගිටාර් වාදනය කිරීමේ හැකියාවත් තියෙනවා.

Courtesy – Kotuwapaththare 

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button