custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

මට වයස 23යි අවුරුදු 19න් රස්සාවට ගියේ, අද මට මගේම කියලා වාහනයක් තියනවා ඉතුරු කරපු සල්ලි තියනව – ජීවිතය ජය ගත් මේ ඇගේ කතාවයි

custom_html_banner1
Spread the love

ජීවිතයට ඇති අභියෝග මෙච්චරයි කියලා ගනන් කරන්න පුළුවන් නම් ජීවිතට කොච්චර දුරට සාර්ථක කර ගන්න පුළුවන්ද? අඩුවයසින් තමන්ගේ උත්සහයෙන් ජීවිතය ජයගත් කෙනෙක් තමයි ලක්ෂිකා රිද්මි මාරකන්ද කියන්නේ. ඇයට ඇත්තේ අභියෝගාත්මක ජයග්‍රහණයක්. මේ ඇයගේ කතාවයි

මං 1998 ඉපදුන කෙනෙක්. මං කොහුවල තමයි මගේ පොඩි කාලේ ජීවත් උනේ. නුගේගොඩ අනුලා විද්‍යාලයෙ ඉගෙන ගත්තෙ. ඉගනීමට අති දක්ශ කෙනෙක්වත් නිතර පාඩම් කරන්න පොත් අල්ලගන හිටපු කෙනෙක්වත් නෙමෙයි. ඇත්තම කියනවානම් මං විභාග වලට පාඩම් කරලා ලියන්නේ නෑ. මට ඇහෙන දේවල් හොදින් මතක තියන කෙනෙක් නිසා ඒ මතකයෙන් විභාග සාමාන්‍ය විදිහට හොදින් සමත් උනා.

මගේ පවුල් පසුබිම ගැන කතා කරොත්, මට අම්මා , තාත්තා සහ මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මල්ලිලා තවම පාසල් යන අය. අම්මා රැකියාවක් කරේ නෑ.

මං පොඩි කාලේ අපිට ලොකු වත්කමක් තිබුනේ නෑ. මගේ තාත්තා සල්ලි හම්බ කරන්න හරියට දුක් විදපු කෙනෙක්. අපිට කිසි අඩුවක් නොකර ජීවත් කරන්න තාත්තා උදේ හවස මහන්සි උනා. කවදාවත් අනවශ්‍ය දේවල් වලට තාත්තාගෙන් සල්ලි ඉල්ලලා නෑ. මොනවා හරි අරන් දෙන්න ගියත්, කඩේ තියන ගාන අඩුම දේ ගන්න මං පුරුදුවෙලා හිටියා.

මට තවම මතකයි මං 8 වසරෙදි ගත්ත සපත්තු දෙක මං ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකන්ම පාවිච්චි කරා.ඒක ලෝබ කමක් නෙමෙයි මං මගේ දේවල් හරිම පරිස්සමෙන් පාවිච්චි කරන කෙනෙක්. ඒවා ලොකු කාලයක් පාවිච්චි කරන එකෙන් මං ලොකු සතුටක් ලබනවා.

පොඩි කාලේ ඉදන් අපේ ගෙදර වාහන තිබුනා. අපේ තාත්තා කරේ වාහන සම්බන්ධ ව්‍යාපාරයන්. ඉතින් ඒ වාහන වලට මගේ තාත්තා හරියට ආදරේ කරා. අපිටත් වඩ සමහර වෙලාවට වාහන පරිස්සම් කරනවා. අපිට වාහන ඇතුලේ කෑම කන්න දීලා නෑ කවදාවත් , වාහනේට නගින්නේ සෙරෙප්පු වල වැලි පිහදාලා. ඒක මට පුරුද්දක් වෙලා දැන්. කාගේ වාහනේකට උනත් මං පොඩි කාලේ ඉදන් ආදරෙයි. හයියෙන් වාහනේක දොරක්වත් වහන්නේ නෑ මං.

උසස් පෙල කරන කොට මට ඕනේ උනේ රැකියාවක් කරන්න. ඒකෙන් ලැබෙන වැටුප ගැන නෙමෙයි හිතුවේ මං. මට ඕනේ උනේ රස්සාවක් කරන්න. ඒ නිසා මං උසස් පෙල ලියලා සතියක් ඇතුලත කොකා කෝලා සමගමට අයදුම්පතක් යනවනවා. ඉන් පසු මට රැකියාව එහි ලැබෙනවා. මගේ පලමු වැටුප 18500/=යි. පලවෙනි පඩිය ගත්ත දවසේ පුදුම සතුටක් දැනුනා. ඒක අදත් එහෙමයි. ඒ සල්ලි වලින් ගෙදර හැමෝටම පුලුවන් හැටියට තෑගි බෝග අරන් ගියා මං. රුපියල් 2000ක් මාසේ වියදමට තියාගත්තා. එදා ඉදන් හැම මාසෙකම මං මගේ වැටුපෙන් මුදල් ඉතුරු කරා. අදටත් කරනවා. මුලින්ම කරන්නේ ඉතුරු කරන එක. ඊට පස්සේ අනිත් දේවල් මං කරන්නේ. කාලයත් එක්ක මගේ වැටුප වැඩි උනා. අනවශ්‍ය බ්‍රැන්ඩඩ් බඩු කවදාවත් අරන් නෑ. මං පේමන්ට් එකේ හරි ලස්සන දෙයක් තිබ්බොත් ගන්නවා. එහෙම නැතුව ලොකු නම් පස්සේ ගියානම් අද මට කිසි දෙයක් නෑ මේ රස්සාවෙන්.

custom_html_banner1

මං රැකියාවට සම්බන්ධ ක්ශේත්‍රයෙන් තවමත් ඉගනීම් කටයුතු කරනවා පෞද්ගලික විශ්ව විද්‍යාලයක, මං මේ වසරේ පෙබරවාරි මාසයේදී මෝටර් රථයක් මිලදී ගත්තා, ඒ විතරක් නෙමෙයි මගේ ඇදුම් පැලදුම් හැම දෙයක් සදහාම මං වියදම් කරන්නේ මගේ සල්ලි.

අද වෙනකොට මගේ තාත්තට එයාගෙම කියලා මූල්‍ය සමාගමක් තියනවා. නමුත් මං ඔවුන්ගෙන් යැපෙන්න බලාගෙන ජීවත් වෙන්නේ නෑ. මං මගේ ගමන තනියෙන් සැලසුම් කරගන යනවා. මගේ ගෙදර මේ වෙනකොට සුබෝපබෝගි ජිප් රථයක් සහා මෝටර් රථයක් තියනවා. ඒවා මගේ තාත්තාගේ. මට ඕනේ උනේ නෑ තාත්තගේ අනන්‍යතාව ‍යෙන් ජීවත් වෙන්න. මං මටම කියලා මෝටර් රථයක් ගත්තේ ඒ නිසයි.

මේ කතාව ඔයාලට කියන්න මං තීරණය කරේ මගේ ලොකු කම් කියන්න නෙමෙයි. ජීවිතේ සාර්ථක කරගන්න ආසාව උනන්දුව , උත්සහය තියන අයට ජීවිතේ ජය ගන්න ඕන තරම් ක්‍රම තියනවා. මං විතරක් නෙමෙයි හැමෝම මේ ලෝකේ ඉදිරියට යන්න ඔනේ මටත් වඩා. අවුරුදු හතරක් මං රැකියාව කරා. ඒ අතර එකතු කරපු මුදල් ආයෝජනය කරා. ඒ සල්ලී වලින් මට මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී ලීසින් නොකරම වාහනයක් ගන්න පුලුවන් උනා. ඇත්තටම ලොකු ආඩම්බරයක් තියනවා මට මං ගැන. ඒකට හේතුව අවුරුදු 4ක් ඇතුලත ලොකු ගමනක් ඇවිත් තියනවා.

ගොඩක් ප්‍රශ්න මගේ ජීවිතේට ආව ඉස්සරහටත් එයි. නමුත් ඒ දෙවල් ඉවසගන ඉස්සහට යන්න පුලුවන් ශක්තියක් මට තියනවා. ලෝකෙට පේන්න අඩන්නේ වැටෙන්නේ නෑ. මොකද අපි ඇඩුවොත් ඒ කදුලු ලෝකෙට විහිලුවක් විතරයි. මං මහා ලොකු දෙයක් කරගෙන නැතුව ඇති. ඒත් මට මගේ අවුරුදු 23ට ආඩම්බර වෙන්න පුලුවන් මට්ටමකට මං ඇවිත් තියනවා කියලා හිතෙනවා.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button