custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

චන්දිමාල්ගේ සාදය දවසේ සිටි දෙදෙනෙක්ට කොවිඩ්

custom_html_banner1
Spread the love

පුද්ගලික හෝටලයක සූපවේදියෙකු ඇතුළු දෙදෙනෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මේ වන විට රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව දිනපතා පුවත්පත් වාර්තා කර තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැති රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදය වෙනුවෙන් ආහාර පිසූ සහ සැපයූ සූපවේදියකු ඇතුලු දෙදෙනකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්‍ෂණවලින් තහවුරු වුණා.

මේ අතර මෙම සාදයට පහසුකම් සැපයූ සෙසු සේවකයන් ද පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෝටලයේ බලධාරීන් පොලිසියට පවසා ඇත්තේ කොරෝනා ආසාදනය වූ මෙම සේවකයා චන්දිමාල් ජයසිංහගේ සාදයට පහසුකම් සැපයීමට පැමිණි අයකු නොවන බවයි.

එම දිනයේ මෙම සේවකයා නිවාඩු සහිතව නිවසේ සිටි බව ද හෝටල් බලධාරීන් පවසා තිබෙනවා.

Source – Live@8

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button