custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

මහ වැස්ස මීදුමට බැරිද නෑවිත් ඉන්න, මයෙ පුතුට ‘පීනසේ’ එපා සීතල දෙන්න – Line එක off කර බැරිය යළි ගෙට එන්න, දුගීකම නැති වෙන්න පුතු ඕනි රජවෙන්න – බුකිය පුරා ගිය ඡායාරූප පෙළක කතාව

custom_html_banner1
Spread the love

කොවිඩ් වසංගතය නිසා අපේ රටේ හැමෝටම “ගෙවල්වලට” කොටුවෙන්න සිද්ධ වුණා. වෙනදාට වගේ පාසලට ගොඩ වෙන්න විධියක් නැති තැන අපේ පුංචි උන් “ඔන්ලයින්” ශිල්ප හදාරන්න ගත්තා…

ඒත් ඒක හැමෝටම එක වගේ පුළුවන් වැඩක් නෙවෙයි. මේ තියෙන්නෙ ඒකට හොඳම උදාහරණයක්..

පසුගිය දවස්වල බුකිය සංවේදී කරපු මේ ඡායාරූප පෙළේ තිබුණෙත්, “සිග්නල් කණු” හොයාගන්න අමාරුවෙන් ඒ මේ අත දුවන් යන, වැහි බීරුමේම අකුරු කරන පුංචි එකෙකුගේ කතාවක්.

මේ ඡායාරූප කතාව Lahiru Gimhana Sriwardhana කවියකට නඟලා තිබුනේ මෙහෙමයි.

මොබිටෙලුයි ඩයලොගුයි එකට පෙම් කරනවා. Online ටියුෂනය ඒත් Up කරනවා. ගෙදර 4g නැතුව කදු ගැට්ට නගිනවා. තේ වත්තේ කූඩැල්ලෝ පුතුට වින කරනවා. මහ වැස්ස’ මීදුමට බැරිද නෑවත් ඉන්න. 

මය පුතුට ” පීනසේ ” එපා සීතල දෙන්න. Line එක off කර බැරිය යලි ගෙට එන්න. දුගීකම නැති වෙන්න පුතු ඕනි ” රජවෙන්න “
එක එකා පැති අරන් අනිකාට ගහනවා. රජ මැතිදුලට 5g වුනත් දැන් තියනවා.

අපේ එවුන් online යන්න දුක් විදිනවා. සත්තමයි මගේ ඇස් ඒ දුකට අැඩෙනවා 

custom_html_banner1

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button