custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

“කවදද අපි රටේ පොදු නීතිවලට ගරු කරන්න ඉගෙන ගන්නේ..?” – රටේ නීතිය තමන්ට අවශ්‍ය විදිහට නවන අයට ජනප්‍රිය නිළි යුරේනි කියු සැර කතාව

custom_html_banner1
Spread the love

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුල පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා.

ඒ අනුව නිරෝධායන නීතිය ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 22,950ක් එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය දිනවල නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාද පැවැත්වූ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙකු ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊට ජනප්‍රිය රංගන ශිල්පීන් ද ඇතුළත්ව සිටියා.

කෙසේ වෙතත්, අදාළ කාරණය සම්බන්ධයෙන් ජනප්‍රිය නිළියක වන යුරේනි නොෂිකා මෙලෙස සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණා.

රටක පොදු නීතීය සියලු දෙනාටම එක සේ ක්‍රියාත්මක විය යුතුයි. එය නිදහස ලබා ගත්ත දවසේ ඉදලා හරියට ක්‍රියාත්මක නොවීම නිසා රටක් විදිහට ජාතියක් විදිහට අපි ඉස්සරහට යනවා වෙනුවට ආපස්සට ගිහින් තියෙන්නේ. කවදද අපි රටේ පොදු නීතිවලට ගරු කරන්න ඉගෙන ගන්නේ ? කවදද මේ රටේ පොදු නීතිය ක්‍රියාත්මක කරන්න බැදිලා සිටින ආයතන , ඉහළ නිළධාරින් හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ? අද රටේ මිනිසුන් නීතියට ගරු කරන්නේ නැත්නම් ,රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ජාතියක් විදිහට අපි සියලු දෙනා එයට වග කිව යුතුයි. තව කෙනෙකුට ඇගිල්ල දික් කරන කොට අපිට ඇගිලි 4ක් දික්වෙන බව අමතක කරන්න එපා .එ නිසා තනි තනිවම අපේ වගකීම් කොටස පුරවැසියන් විදිහට අපි ඉටු කරන්න වග බලා ගමු.

custom_html_banner1

01

02

03

04

05

06

07

08

 

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button