custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරන බවට පල වන වාර්තාවලට අධ්‍යාපන ලේකම්ගෙන් පිළිතුරු

custom_html_banner1
Spread the love

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ අදාල ප්‍රචාරයන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි. යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් තවමත් ගෙන නොමැති බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ මෙවැනි සාවද්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බවයි.

Source – Hiru News

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button