custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

චන්දිමාල්ගේ උපන් දින සාදය ගැන සොයන්න ෂැංග්‍රිලා ගොස් හිස් අතින් ආ කොටුව OIC ගැන විමර්ශනයක්

custom_html_banner1
Spread the love

ආන්දෝලනයට තුඩ දී තිබෙන කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට ඒ මොහොතේ ම පියවර නොගැනීම මත කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවීමට ඉඩකඩ ඇතැයි මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇති බව පොලිස් මූලස්ථාන ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘මව්බිම’ට අනාවරණය කළේ ය.

සමස්ත පොලිසියට කැළලක් එක් කරමින් සිදු වූ මෙම සිද්ධියේ මූලිකව වගකිව යුත්තා කොටුව පොලිසිය බවත් එහි මූලිකයා වන ස්ථානාධිපතිවරයා මීට ක්ෂණික ක්‍රියාමාර්ග නොගැනීම මෙතෙක් කළ මූලික විමර්ශනවලදී හෙළිව ඇතැයිද එම ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම සිදුවීමේදී කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සේ ම සෙසු නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සොයා බැලීම සඳහා පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර එහිදී හෙළිව ඇත්තේ මෙම සාදය පැවැති ඉකුත් 30 වන දා රාත්‍රියේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සාදය ගැන සොයා බැලීම සඳහා පිටව ෂැංග්‍රිලා හෝටලයට ගොස් ආපසු හිස් අතින් පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සාදය ගැන සමාජ මාධ්‍ය වාර්තා පළවීමත් සමග ඊට පසු දින විමර්ශන ආරම්භ කළ අතර පසුව මෙහි ඉදිරි විමර්ශන කොටුව පොලිසියෙන් ඉවත් කොට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැවැරීමට පොලිස් ප්‍රධානීහු කටයුතු කළහ.

චාමර අමරසූරිය
Source – Mawbima.lk

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button