custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ජූනි 14 රට ඇරීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් කොළ එළියක්

custom_html_banner1
Spread the love

සංචරණ සීමා පවතින කාලය තුළ මහජනතාව නිවසේ ම රැඳී සිටින්නේ නම්, එළඹෙන 14 වන දිනෙන් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමේ හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් නිරෝධායන නීති ආරක්ෂා කරමින් කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර සංචරණ සීමා ඒ ආකාරයට ක්‍රියාත්මක කරනු ලබයි.

මේ අතර, පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීතී උල්ලංඝණය කළ පුද්ගලයින් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මේ වන විට නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 22,950ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් 975 දෙනාගෙන් 140 දෙනෙකු මාතලේ ප්‍රදේශයේ ද 80 දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේ ද 75 දෙනෙකු මහනුවර ප්‍රදේශයේ ද පදිංචිකරුවෝ වෙති.

ඊයේ (ජූනි 4) දිනයේ ද බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14ක දී වාහන පරීක්ෂා කිරීම් සිදු කර ඇති අතර වාහන 139ක පැමිණි 198 දෙනෙකු සංචරණ සීමා උල්ලංඝණය කරමින් පළාත් මායිම් හරහා යාමට හා පළාත් මායිම් තුළට පැමිණීමට උත්සහ කිරීම හේතුවෙන් ඔවුන් ආපසු හරවා යවා තිබේ.

custom_html_banner1

ඊයේ උදෑසන 6.30 සිට 9.30 දක්වා කාලය තුළ කොළඹ නගරයට ඇතුළු වී ඇති වාහන සංඛ්‍යාව 59,280ක් පමණ වන අතර එය පෙර දිනට සාපේක්ෂව 3,000කින් පමණ අඩු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙලෙස වැඩි වශයෙන් කොළඹ නගරයට ඇතුළු වී ඇත්තේ බැංකු සහ මූල්‍ය ආයතනවලට අදාළ වාහන වන අතර එම සංඛ්‍යාව 16,282ක්ප මණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අම්රා ලියාකත්
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button