custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

රු. 5,000න් මාසයක් ජීවත්වීමත් සිහිනයක් – සජිත්

custom_html_banner1
Spread the love

ඉතා සුළු පිරිසකට දෙනු ලබන රුපියල් 5000ක මුදලින් මාසයක් ජීවත්වීමත් සිහිනයක් වන බවත්, ඒ් මුදල හෝ නොලැබෙන පිරිස පිළිබඳ ආණ්ඩුවට කිසිදු තැකීමක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

මේ වනවිට ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව තිබේ. වගකීමක් නැති පාලකයන් විසින් මුළු රටම අනතුර වෙත හෙළා තිබේ. විදේශිකයන්ට සහ ගජ මිතුරන්ට ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් මතු පරම්පරාවේ උරුමයන් වනසා දමා තිබේ. බි්‍රතාන්‍ය යුගයෙහි ඉදි වූ ඓතිහාසික වශයෙන් වැදගත් කොළඹ, කොටුවේ පිහිටි ගොඩනැඟිලි කිහිපයක් දැනට ඒවායෙහි පවතින භාවිතයන්ගෙන් ඉවත් කොට පෞද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ යෝජනාවලියක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි. ඊනියා සංවර්ධනයක මුවාවෙන් අදාළ මගඩිය සිදුවන බවද වාර්තා වෙයි.

මෙරට ජාතික සම්පත් එලෙස විනාශ කරන අතර වසර ගණනාවකට පිළිසකර කළ නොහැකි විනාශයක් මෙරට මුහුදු තීරයට, රටේ ආර්ථිකයට මෙන්ම පරිසර පද්ධතියටද සිදුකරමින් නෞකාවක්ද විනාශ විය. මේ රට සුරක්ෂිත කරන රන් වැටක් ලෙස පෙනී සිටිමින් බලය ගත් ආණ්ඩුව සිය සැබෑ නිරුවත මේ වනවිටත් පෙන්වා අවසන්ය.

කෙටිකලක් තුළ දශක ගණනාවකට පිළිසකර කළ නොහැකි ව්‍යසනයක් ආණ්ඩුව රටට කර ඇති අතර ඉතාම බරපතළ කොරෝනා ව්‍යසනය පාලනයේදීද හුදෙක් සන්දර්ශන හැර ප්‍රායෝගික තත්ත්වය අවාසනාවන්තය.

පළමු හා දෙවැනි කොවිඩ් රැලිවලදී මෙන්ම මේ මොහොතේදීද කොවිඩ් රෝගීන් හා සෘජුව ගැටෙමින් කටයුතු කරනුයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන්ය. කොවිඩ් රැලි අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කොරෝනා මර්දනයෙහිලා කළ කැපකිරීම් අතිමහත් වන අතර අදටත් බොහෝ රෝහල්වලට සෞඛ්‍ය ආරක්ෂණ මෙවලම් නැත. අද වන විට මෙරට රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විශාල පිරිසකට කොරෝනා ආසාදනය වී තිබේ.

රෝහල් තුළ අතිමහත් අඩුපාඩුකම් ඇති අතර, නිරෝධායන ක්‍රියාවලියේද බොහෝ අක්‍රමිකතා වාර්තා වෙයි. කොරෝනා එන්නත් ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇති අතර බෝ නොවන රෝග (පිළිකා, දියවැඩියා, හෘද රෝග ඇතුළත්ව) සඳහා ද බරපතළ ඔෟෂධ හිඟයක් ඇතිවී තිබේ. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක, වර්ග දෙකකින් ලබාදීම ගැටලුවක් නොවන බව කියන්නේ වෛද්‍යවරුන් හෝ විශේෂඥයන් නොව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකලාය.

custom_html_banner1

කොවිඩ් වැනි අවාසනාවන්ත ව්‍යසනවලට මුහුණදී ජයගත හැකි ශක්තිමත් සෞඛ්‍ය සේවයක් සහතික කිරීම යුගයේ කඩිනම් අවශ්‍යතාවකි. ඒ වෙනුවෙන් නොවලහා කළ යුතු වන්නේ “තිරසර, නවීන සෞඛ්‍ය පනතක්” සම්මත කර ගැනීම බව අප මීට පෙර කිහිපවිටක් අවධාරණය කළද ඊට වඩා බලව්‍යාපෘතිය ශක්තිමත් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ න්‍යාය පත්‍රය විය.

කොරෝනා භීතිය නිසා ජනතාවගේ මානසික, ආර්ථික, සමාජීය තත්ත්වය කඩාවැටුණ නමුත් ආණ්ඩුව කළේ එය මර්දනය කිරීම මිථ්‍යාවන්ට පවරා සීනි වංචාව, විස පොල් තෙල් ආනයනය, ගෑස් සිලින්ඩරයට අමුතු සූත්‍රයක් ගෙන ඒ්ම, පෝට් සිටි විකිණීම, බටහිර ජැටිය විකිණීම වැනි දේශපාලන නොපනත්කම් කිරීමය. සියල්ල සර්ව සම්පූර්ණ බවට ආණ්ඩුව මාධ්‍ය සන්දර්ශන පවත්වන නමුත් සත්‍ය තත්ත්වය ඉතා කටුකය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button