custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මව් පිය පාර්ශවයෙන් ලද කලා උරුමයෙන් ලංකාවේ කලාකෙත පෝෂණය කරන ඇන්තනී කලා පවුල

custom_html_banner1
Spread the love

අපේ කලා ලෝකය ලස්සන කරන කලා කරුවන් අතරින් අති දක්ෂ කාගේත් ආදරයට, ගෟරවයට පාත්‍ර වන වගේම රටේම අවදානය දිනාගන්නට සමත් ඇන්තනී කලා පවුල කියලා කියන්නේ සුවහසක් රසික රසිකාවියන් හැමෝම වගේ ආදරය කරන ආදරණීය කලා පවුලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම නිතරම සමාජ මාධ්‍ය ජාලා වල කතා බහට ලක්වෙන කලා පවුලක් විදිහටත් මේ ආදරණීය කළා පවුල හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් අපේ රටේ ඉන්න මේ අති දක්ෂ ජනප්‍රිය කලා පවුල ගැන නොදන්නා කෙනෙක් නැහැ. ජැක්සන් ඇන්තනී කලා කරුවා වගේම ඔහුගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ කලාකාරිනිය මෙන්ම මේ දෙපලගේ ආදරණීය දරු තිදෙනා වන මාධවී ඇන්තනී, අකිල ධනුද්දර සහ සජිත ඇන්තනී කියන තුන්දෙනාම මව සහ පියා මෙන්ම අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ කළා තරු කිවුවොත් හරියටම හරි. ඉතින් මාධවී ඇන්තනී මේ පවුලේ ඉන්න එකම දියණිය වගේම ඇය ඉතාමත් සුන්දර දක්ෂ කළා ශිල්පිනියක්.

මේ දිනවලනම් ඇය ගැන වැඩිපුර කතා බහට ලක්වෙනවා. ඉතින් ඇය රංගනයට ගායනයට නර්තනයට නිවේදනයට උපන් හපන්කම් කියන තරුණියක් කිවුවොත් නිවැරදියි. ඇන්තනි පවුලේ ලොකු පුතා ඒ තමයි අකිල ධනුද්දර ඇන්තනී ඔහුත් අති විශිෂ්ට රංගන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසින් සිය කලා ගමන ආරම්භ කල අතිවිශිෂ්ට චරිතයක්.

ඉතින් ඇන්තනී පවුලේ බාලයා තමයි සජිත ඇන්තනී කියන්නේ. ඉතින් ඔහු ඉතාමත් කඩවසම් නළුවෙක් වගේම අති දක්ෂ ගායකයෙක් මෙන්ම නිවේදකයෙක් ලෙසද කටයුතු කරනවා. මෙවර සුමති සම්මාන උළලේදී ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමටද මෙම දක්ෂ කළා ශිල්පියාට හැකියාව ලැබුණා.

මව් පිය පාර්ශවයෙන් ලද කලා උරුමයෙන් ලංකාවේ කලා කෙත පෝෂණය කරන කලා පවුලක් තමයි මේ. ඉතින් මේ පවුලේ දරු තිදෙනා මීට දෙවසරකට පෙර එකම මොහොහොතකදී යුග දිවියට පිවිසුනා. ඉතින් මාධවී මිලාන් සමගත් අකිල එමී සමගත් සජිත බූවි සමගත් අතිනත ගෙන මේ වෙනවිට සොදුරු ආදරණීය විවාහ ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ පවුලේ ලොකු පුතා අකිල මේ වෙද්දී ආදරණීය දියණියකගේ පියෙකු බව හැමෝම දන්නා කාරණයක්.

ඉතින් පුදුම සහගත සිද්දියක් විදිහට ඔහුගේ පළමු විවාහ සංවත්සරයදා තමයි ඔහුගේ චුටී දියණිය ආරණ්‍යා දෝනිත් ඔවුන් අතරට එන්නේ. ඉතින් මේ ආදරණීය කලා පවුලේ සුන්දර ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන ආවේ.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button