custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පහුගිය දෙසතියේ කොරෝනා ආසාදිතයන් 40,000ක්

custom_html_banner1
Spread the love

කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළ යෑමට පටන් ගැනීමත් සමග ඉකුත් සති දෙක තුළ පමණක් ශ්‍රී ලංකාව පුරා ආසාදිතයන් 40,000 ඉක්මවනු ලැබීය.

ඒ අනුව, පසුගිය 20 වන දා සිට මෙම මස 2 වන දා තෙක් සති දෙක තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 40,957ක් වෙයි.

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්ගෙන් ඉකුත් සති දෙක තුළ කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවූ අතර එම දිස්ත්‍රික්ක අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දිනකදී කොරෝනා ආසාදිතයන් 1000ක් ඉක්මවා යාම පෙරේදා (ජූනි 2) වාර්තා විය. එදින වාර්තාවූ ආසාදිතයන් 3,306 දෙනා අතරින් 1,004 දෙනෙකු එම දිස්ත්‍රික්කයෙන් වාර්තාවීම විශේෂත්වයකි.

රජය දිස්ත්‍රික්ක සහ පළාත් අතර සංචරණ නීති පනවා කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු කිරීමට පියවර ගත්ත ද සැලකිය යුතු අඩුවීමක් සිදුනොවූ නිසා ඉකුත් මැයි මස 21 වන දා රාත්‍රි 11.00 සිට 25 වන දා අලුයම 04.00 දක්වා දිවයින පුරා දැඩි සංචරණ නීති පනවනු ලැබීය.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතිද්දී මෙසේ සංචරණ නීති පනවා තිබියදීත් ඉකුත් 25 වනදා අලුයම 04.00 සිට සංචරණ නීති ලිහිල් කළ නමුත් 25 වන දා රාත්‍රි 11.00 වන තෙක් ජනතාවට ලබාදුන් සහන කාලය තුළ නොහික්මුණු ආකාරයට කටයුතු කිරීම නිසා ජුනි මස 27 වන දායින් අවසන් කිරීමට නියමිතව තිබුණු සංචරණ නීති ජුනි 14 වන දා තෙක් පෙරේදා (ජූනි 2) සවස රජය විසින් දීර්ඝ කරනු ලැබීය.

කොවිඩ් ආසාදිතයන් බිහිවීම වළක්වා ගැනීම සඳහා සංචරණ නීති පනවා තිබුණ ද දිනෙන් දින මෙම කාලය තුළ ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් මෙම තත්ත්වය මග හරවා ගැනීමට දැඩි පියවරයන් අනුගමනය කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සඳුනි ගමාරච්චි
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button