custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඔක්සිජන් මත යැපෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවත් ඉහළ ගිහින්?

custom_html_banner1
Spread the love

කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ගෙවී ගිය මාසය තුළ ඉහළ අගයක් ගෙන තිබිණි. මේ අතර දැනට රෝහල්ගතව සිටින රෝගීන් අතරින් ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ද පසුගිය දින කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්ත්වය මෙරට කොව්ඩ් වසංගතයට ගොදුරු වූ රෝගීන්ගේ මරණ සංඛ්‍යාවට සෘජු සබඳතාවක් පෙන්නුම් කරන්නේ ද? ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් ඉදිරියේදී මතු විය හැකි අර්බුදකාරී අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කෙසේ ද? යන්න පිළිබඳව mawbima.lk සොයා බැලීමකි මේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ජූනි 02 වන දින පැවති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළ අදහස් මෙසේය.

කොවිඩ් මරණ පිළිබඳ වත්මන් තත්ත්වය කුමක් ද?

“මැයි මස තුළ සිදු වූ මරණ ප්‍රමාණය අධ්‍යයනය කරලා බැලුවා ම කොවිඩ් වසංගතය මෙරටට පැමිණිමේ සිට සිදුවූ මරණ ප්‍රමාණයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් මරණ සිද්ධ වෙලා තියෙන්නේ මැයි මාසයේදී. මේ මරණ අධ්‍යයනය කරලා බලද්දි අපිට පේන්න තියෙන කාරණය තමයි අවුරුදු 60ට වැඩි අපගේ වැඩිහිටි ජනතාවගේ කොව්ඩ් වසංගතයට ගොදුරු වූ අයගේ 75%ක් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව තමා මරණයට පත්ව තියෙන්නේ. 85% ට අධික මරණවලට බෝ නොවන රෝග බලපාලා තියෙනවා.”

රෝග පැතිරීම සහ මරණ අඩු කර ගැනීමට පවතින එන්නත්කරණ ක්‍රමවේදය සාර්ථක ද?

“එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් 70% ක ප්‍රමාණයක් ඒ කියන පරමාර්ථයට ගියොත් තමා මෙම එන්නත්කරණය තුළින් පැතිරීම වළක්වන්නේ කියන එක ලෝකය පිළිගත් තත්ත්වය 70%ක් ජනතාවට එන්තත් කරොත්.

custom_html_banner1

අපි දන්නවා ලංකාවට අපිට අවශ්‍ය වේගයෙන් අපි බලාපොරොත්තු වෙන විදියට වෙන් නෑ. අපි හිතුවොත් එක්ලක්ෂ අසූ පන්දාහක් එන්නත් පැමිණෙයි කියලා එන්නේ පනස්දාහයි. ඒකෙන් පැහැදිලි කාරණාව තමයි අපිට බලාපොරොත්තු වෙන විදියට එන්නත් මාත්‍රා ලැබෙන්නෙ නෑ. ලැබෙන මාත්‍රා නිවැරදිව යොදා ගත්තොත් අපේ ක්‍රමවේදය නිවැරදිව යොදා ගැනීමෙන් අපි කුමක් ද බලාපොරොත්තු වෙන්නේ කියන එක වැදගත්. 70%ට එන්නත් කරොත් විතරයි පැතිරීම වළක්වන්න පුළුවන්.”

එන්නත්කරණ ක්‍රියාවලිය නිවැරදිව යෙදවිය යුත්තේ කුමක් සඳහා ද?

  • මරණ සංඛ්‍යාව අඩු කිරීමට
  • ආර්ථිකය පවත්වාගෙන යාමට

රාජ්‍ය පෞද්ගලික අංශයේ පුද්ගලයින්, අත්‍යවශ්‍ය සේවා, ප්‍රවාහන සේවා, ජල, විදුලිය පවත්වාගෙන යාම, ගුරුවරු විශ්ව විද්‍යාල ආචාර්යවරු එන්නත් කිරීම මගින් මරණ ප්‍රතිශතය 80-90% අඩුකරගත හැකි බව ඒ මහතා පැවසීය.

මේ වන විට රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව වැඩිවීමක් සිදුවී ඇති ද? යන්න පිළිබඳව තොරතුරු දැන ගැනීමට අපි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය එච්. පනාපිටිය මහතාගෙන් විමසීමක් කළෙමු.

මේ වන විට රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව වැඩිවී තිබේ ද?

“එහෙම ලොකුවට නෑ. සාමාන්‍ය ප්‍රමාණයෙන් ම තමයි දැන් ICU භාවිත වෙන්නේ. රෝගීන්ගේ ලොකු වැඩිවීමක් අපිට දකින්න ලැබෙන්නෙ නෑ.”

සාමාන්‍ය ඔක්සිජන් ඕන රෝගීන්ගේ සමහර හොස්පිට්ල්ස් කීපයක වෙනදට වඩා ICU වලට රෝගීන් කීප දෙනෙක් හිටියා.

එහෙම පොඩි ICU 4ක 5ක වගේ වැඩි වෙලා තියෙනවා. යම් යම් පොඩි ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. දැනට අවශ්‍ය beds තියෙනවා. ICU, HCU වල empty beds තියනවා hospitals වල.”

ඉදිරියේදි මේ තත්ත්වය වැඩි වෙයි ද?

“එහෙම ලොකුවට අනතුරු අඟවන්න තත්ත්වයක් නැහැ. එක ම දේ අපි දැන් කියලා තියෙන්නේ යම් කිසි දැන් රෝගීන්ට දැන් වෙන දා වගේ ලොකුවට මහන්සි වෙලා මේවා කරන් නැතිව අර රිලැක්ස් එකේ ඉන්නයි කියලා. ඊට පස්සේ ඔක්සිජන් saturation එක moniter කරන්නයි කියලා. Saturation එකේ අඩුවක් දැනගන්න හම්බුණොත් යංතං හරි අර ඔක්සිජන් සාමාන්‍ය අර දෙන විදියට අපි දෙන්න කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම instructions දීලා තියෙනවා. එතකොට දැන් එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ එහෙම නොසැලකිලිමත්ව කටයුතු කළොත්. ඒ පණ්විඩය අපි දෙන්න ඕන. රෝහල්වලට උපදෙස් දීලා තියෙන්නේ.”

මේ වෙද්දි ඔක්සිජන් හිඟයක් තියෙනවා ද?

“ඔක්සිජන් Supply එකේ හිඟතාවක් වාර්තා වෙලා නෑ. ඔක්සිජන් සම්බන්ධ අපිට දෙයක් වාර්තා කරලත් නෑ ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් 2 ක් තියෙනවා නෙ. සමාගම් දෙකේ ඒගොල්ලොන්ට නොහැකියාවක් තියෙනවා කියලා අපිට දැනුම්දීලත් නෑ.”

60 ට වඩා වැඩි අයට එන්නත් ලබාදීම ඉක්මන් කිරීම තුළින් ඔක්සිජන් මත යැපෙන රෝගී සංඛ්‍යාව අවම කරගත හැකි ද?

“එන්නත් ලැබෙන පිළිවෙළ අනුව තමා, ඒකේ priority එක තියෙනවා අඳුනගෙන, ලැබෙන පිළිවෙළ අනුව තමා ඒක කරන්නේ.”

තව ද මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු.

ඔක්සිජන් මත යැපෙන රෝගී සංඛ්‍යාවෙහි වැඩිවීමක් සිදුව තිබේ ද?

“වැඩිවීමක් තියනවා. නමුත් ඒක ලොකු වැඩිවීමක් නෙවේ. රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට කොහොමත් ඔක්සිජන් භාවිත කරන්න වෙන සංඛ්‍යාව වැඩි වෙනවා.

රෝගීන් සංඛ්‍යාව වැඩිවීමක් සමග ඒක කොහොමත් නියතියක්,” යනුවෙන් ද ඔහු පැවසීය.

කාංචනා විජයබණ්ඩාර
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button