custom_html_banner1
දේශීය පුවත්

මේ විදියට ගියොත් අපිට කන්න හාල් ඇටයක්වත් නැතිවෙනවා, අගමැතිතුමනි දැන්වත් මැදිහත් වෙන්න – මුරුත්තෙට්ටු‍වේ හිමි

custom_html_banner1
Spread the love

මේ වනවිට එළවලු – පළතුරු ගොවීන් අන්ත අසරණ වී ඇති බවත්, ගොවියාගේ එළවලු – පළතුරු අස්වැන්න පරිභෝගිකයා අතර පත් කිරීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව මුරුත්තෙට්ටු‍වේ ආනන්ද හිමි පවසනවා. මේ අක්‍රමවත් වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේදී ජනතාවට කෑමට හාල් ඇටයක් හෝ නොමැති තත්වයක් උද්ගත වියහැකි බවද ආනන්ද හිමි පෙන්වා දෙනවා.

‘ඒ නිසා දැන්වත් මේවට මැදිහත් වෙන්න, අගමැතිතුමනි මැදිහත් වෙන්න. ඔබතුමා නැතුව මේක කරන්න බෑ වෙන කාටවත්. මොකද්ද ඔබතුමාගෙ මේ කම්මැලිකම. දැන්වත් මැතිහත් වෙන්න. ජනතාව තෝරගත්තෙ වෙන කවුරුවත් නෙවෙයි ඔබතුමායි තෝරගත්තෙ. මේ විදියට ගියොත් ජනතාව ඔබතුමාට පමණක් නෙවෙයි රාජපක්ෂ පවුලම සාප කරාවි.’ යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

ජනතාව වෙනුවෙන් කතා කරන තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවත්, කුමන තර්ජන එල්ල වුවද ජනතාව වෙනුවෙන් ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින බවත්, තමන්ට කන්න දුන් ජනතාවගේ බඩගින්න වෙනුවෙන් පෙනී සිටීමට භික්ෂූන් වහන්සේලාට අයිතියක් තිබෙන බවත් ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කරනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button