custom_html_banner1
දේශීය පුවත්

වසංගතය මර්දනයේ නිරත යුද හමුදා සාමාජිකයන්ට ඕස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාගයක්

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පසුගිය 2 වනදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු විය. මෙම හමුව බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම හමුව අතරතුරදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සම්බන්ධතා පිළිබඳවද සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේදී ලබාදෙන දායකත්වය අගය කළ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා, ඔවුන්ගේ භාවිතය සඳහා පුද්ගලික ආරක්ෂක ඇඳුම් 16,500 ක්, මුව ආවරණ 25,000 ක්, අත් වැසුම් කට්ටල 100,000 ක්, ඇස් ආවරණ 175 ක් සහ සායනික කටයුතු සඳහා භාවිත කළ හැකි ලීටර් 25 ක ධාරිතාවෙන් යුතු කුඩා සිසිලන බහාලුම් 15 ක් පරිත්‍යාග කර තිබෙනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button