custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ශ්‍රී ලාංකික නිලියක් රගන තවත් කොලිවුඩ් චිත්‍රපටයක් තිරගත වෙයි

custom_html_banner1
Spread the love

මේ දිනවල ශ්‍රී ලාංකික නිර්මාණ ජ්‍යාත්‍යන්තරය හමුවේ ඇගයීම් පිළිබඳ වැඩි වශයෙන් අසන්න ලැබෙනවා. ඒ වගේම පසුගිය මාසය පුරාවටම ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් විදෙස් නිර්මාණ සමග දකින්න ලැබීමත් සුලබ කාරණාවක් උනා. විශේශයෙන් කොලිවුඩ් සිනමා නිර්මාණ අතර ශ්‍රී ලාංකික රංගනශිල්පීන් නිරූපන ශිල්පීන් සිටිනු වාර්ථාවුනා. ඒ අතර සිංහල සිනමාවේ සිහින කුමාරා ලෙස හදුන්වන හේමාල් රණසිංහ ද කොලිවුඩ් සිනමාපටයක් වූ සෙකන්ඩ් ශෝ සමග ඒක්වූ බවත් එය නුදුරේදීම තිරගත වනු ඇති බවත් අපි වාර්ථාකලා.

ඊට අමතරව මෙරට සිනමාවේ දැවැන්ත චරිතවන රවීන්ද්‍ර රන්දෙනිය , සංගීතා වීරරත්න, ජැක්සන් ඇන්තනී වැනි දැවැන්තයන් සහභාගීවන නිර්මාණ කිහිපයක්ද කොලිවුඩයෙන් ලගදීම දැකබලාගැනීමට පුළුවන්. තවද ලොස්ලියා මරියනේශන් හා තර්ශන් ත්‍යාගරාජාගේ නිර්මාණයක්ද ඔබට නුදුරේදීම නැරබියහැකියි. මේ අතර තවත් ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් ප්‍රධාන චරිතය නිරූපනය කරන චිත්‍රපටයක් දමිල සිනමාවේ නිකුත්වුනා. ඒ “ඒල්” චිත්‍රපටයයි. එහි රංගනයෙන් එකතුවන්නේ මදුමතී පද්මනාදන්.

මදුනතී පද්මනාදන් යන නමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ඇයව නොහදුනනවා වුනාට දිනේශ් ගමගේ නිර්මාණය කල “තමරසා” හා “මන්නිප්පයා” ගීතවල රූපරචනාවෙන් හා කුමුදිත ගුණවර්ධනගේ “උන්මාදයක්” ගීතයේ රූපරචනයෙන් ඇයව බොහෝ දෙනා හදුනනවා. ඊට අමතරව ඇය ශ්‍රී ලංකාව තුල නිර්මාණය වුනු දමිල හා සිංහල කෙටි චිත්‍රපට කිහිපයකත් රංගනයෙන් එකතුවී තිබෙනවා. ඊට අමරව ඇය “අත්තාන්”, අරුගිනිල් වා”, වැනි ඉන්දියානු ගීත නිර්මාණ කිහිපයකත් රංගනයෙන් එකතුවී තිබෙනවා. ත්‍රිකුණාමලය ශ්‍රී ශන්මුග හින්දු කාන්තා විද්‍යාලයෙන් හා කොළබ British College of Applied Studies හි මධුමතී අධ්‍යාපනය ලබා තිබෙනවා. තවද ඇය වසන්තම් ටීවී නාලිකාවේ හිටපු නිවේදිකාවක්ද වනවා.

මධුමතී පද්මනාදන් රංගනයෙන් එකතුවන ඒල් චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නේ ජනප්‍රිය කොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ශිකා හලිතා ශමීම් විසිනි. එම චිත්‍රපටයට මධුමතී සමග ජනප්‍රිය නලු සමුත්‍රකනී හා මනිකන්දන් එකතුවනවා. මෙම චිත්‍රපටය පෙබරවාරි 12 වනද කොලිවුඩය තුල තිරගත වීමට නියමිත වූවත් සිනමාශාලාවලට පැනවූ රෙගුලාසි මත චිත්‍රපටය සිනමාශලාවල තිරගත වීම අත්හැර දැම්මීමට නිශ්පාදකයන් තීරණයකර තිබුණා. ඒ නිසාම මෙම චිත්‍රපටය මංගල දර්ශණය පෙබරවාරි 28 වනදා සිදුකල අතර මෙම චිත්‍රපටය ස්ටාර් විජේ රූපවාහිනී නාලිකාව හරහා 28 වනදා මුදාහැරුණා.

එලබෙන වසර දෙක තුල ශ්‍රී ලාංකික ජේෂ්ඨ, ජනප්‍රිය මෙන්ම නවක රංගනශිල්පීන් එක්වන චිත්‍රපට 6ක් කොලිවුඩය ආශ්‍රිතව නිර්මාණය වන බවටයි වාර්ථා වෙන්නේ. ඒ සදහා හේමාල් රණසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය, සංගීතා වීරරත්න, ජැක්සන් ඇන්තනී, පියුමි හන්සමාලි, ලොස්ලියා මරියනේශන්, තර්ශන් ත්‍යාගරාජා රංගනයෙන් දායකවනු ඇත.

හිමාල් සමරනායක

custom_html_banner1

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button