custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

පෙම්වතුන්ගෙන් මල් පොකුරුත් ලැබුණා – ලැබුණු මල් පොකුරු ගැන ජනප්‍රිය නිලි දිලිනි හෙළිකරයි

custom_html_banner1
Spread the love

කලා ක්ෂේත්‍රයේ වැඩි ප්‍රේක්ෂක ආදරයක් හා ආකර්ෂණයක් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි. ඇය ඉපදුනේ 1991 මැයි 16 වෙනිදා කොළඹ කාසල් රෝහලේ. ඇගේ පවුලේ පළවෙනි දරුවා තමයි ඇය. ඇයට තව ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි. ඇගේ තාත්තා තමයි ඇයට දිලිනි ලක්මාලි කියලා නම දාලා තියෙන්නෙත්.

ඇය අවුරුද්ද ලබද්දි ඒ කාලෙ විදිහට උපන්දිනයට පුංචි සැමරීමක් කරලා. ඊට පස්සේ පෙර පාසල් කාලෙදි හා පාසල් කාලෙදි යාළුවො එක්ක කේක් කපලා උපන්දිනය සැමරුවාලු.

එතැනින් පස්සේ තේරෙන වයසට ආවම දිලිනි ඇත්තටම කේක් එකක් කපලා ඇගේ එක් උපන්දිනයක්වත් සමරලා නැහැ. මොකද සමහරු ඒ දවසට කේක් කපලා සාද දාලා සැමරුවත් ඇය ඒ දේවල්වලට කැමති නැති නිසා. ඇයට උපන්දිනය දවසත් සාමාන්‍ය දවසක් විතරක් නිසා විශේෂ හැඟීමක් ඇත්තේ නැහැලු.

නමුත් ගෙදර අයනම් උදේ අනිවාර්යයෙන්ම කිරිබතක් හදනවාලු. පළවෙනිම සුභ පැතුම කොහොමත් ගෙදරින් ලැබෙනවාලු. පුංචි කාලේ මල්ලි හැදුව සුභ පැතුම් පතක් අනිවාර්යයෙන්ම ලැබෙනවාලු.

ඒ වගේම මල්ලි එහා පැත්තෙ කාමරේ ඉඳලා හරි හරියටම රෑ 12 වෙද්දි උපන්දිනයට සුබ පතනවාලු. ඒ වගේම ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් දුරකථනයට ඇමතුම් හරහා හෝ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සුභපැතුම් අතිවිශාල සංඛ්‍යාවක් ලැබෙනවාලු.

ඊට අමතරව ඇයට ගෙදරට සුභපැතුම්පත්, තෑගි, කේක් ලැබෙනවාලු. ඉස්සර ආදරය කරපු කාලවල හිටිය පෙම්වතුන්ගෙනුත් තෑගි, මල් පොකුරු වගේ දේවල් ලැබිලා තියෙනවාලු.

මෙවරනම් රටේ තියෙන තත්ත්වයත් එක්ක උපන්දිනයක් ගැන හිතුවෙවත් නැහැලු මොකද ඇගෙ ආච්චි අම්මාත් නැතිවෙලා. ඉතින් ඇගේ උපන්දිනය දවසෙ තමයි ඇගේ ආච්චිගෙ 7 දවසෙ දානය තිබිලා තියෙන්නෙත්. ඉතින් මේ පාර ඇගේ උපන්දිනය දවසෙ වෙනුවෙන් ආච්චි අම්මා වෙනුවෙන් ආගමික කටයුතුවල නිරත වුණාලු.

custom_html_banner1

Courtesy – Kotuwapaththare 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button