custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

තරුණයින්ගේ බලාපොරොත්තු සුන් කරමින් තවමත් පාසල් යන නිලි ටාෂියා කාලිදාස ආදරේ ගැන හෙළිකරයි

custom_html_banner1
Spread the love

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන මේ සුන්දර රංගන ශිල්පිනියව මීට කලින් කවුරුත් දන්නැති උනාට දැන් ඇයව බොහෝ දෙනෙක් හදුනනවා. සුජීව ප්‍රියලාල්ගේ ඉන්ටර්නැසනල් ටෙලිනාට්‍යයේ මිනූගේ චරිතයෙන් වගේම දාම් ටෙලිනාට්‍යයේ ශෙනායාගේ චරිතයෙන් ඇයව දැන් කවුරුත් හඳුනනවා. ඇය තමයි යෙහාලි ටාෂියා කාලිදාස.

මීට කලින් ඇය බොහෝ දෙනා හඳුනා ගත්තේ රූපවාහිනී දැන්වීමක් හින්දා. ඉතින් දැන් රංගනයට ඇවිත් ඉන්න ඇය ගැන අලුත්ම තොරතුරු ඇය අපිට කිවුවේ මෙන්න මෙහෙමයි. ජීවිතේ හොදින් ගෙවීගෙන යනවා ඉතින්. සතුටින් ගත කරනවා. මේ දවස් වල වසංගතේ නිසා හැමෝම වගේ අපිත් ගොඩක් පරිස්සමින් අපේ වැඩ කරගෙන යනවා.

ලබන වසරේ මම උසස්පෙළ විභාගයට පෙනී ඉන්නවා. ඒක නිසා ඒකටත් පාඩම් කරමින් ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි මමයි. මගේ ගම නුවර. ඉතින් නුවර ඉදන් තමයි රූගත කිරීම් වලට කොලඹ ආවේ. මේ දවස් වල මම රංගනයෙන් දායක වුනු නාට්‍යය දෙකක්ම විකාශනය වෙලා අවසන්. ඒ නිසා නුවරටම වෙලා මේ දවස් වල කාලය ගත කරනවා.

පුංචි කාලේ මම ඩොක්ටර් කෙනෙක් වෙන්නයි ආස කලේ. ඒක චූටිම කාලේ මන් දැක්ක හීනයක්. ඒ කාලේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි මම සෙල්ලම් කරන්න ඉල්ලපුවහම ඉස්සෙල්ලාම ඉල්ලලා තියෙන්නේ ඩොක්ටර් සෙට් එකක් තමයි. හැබැයි මට තේරෙන කාලෙට ආවට පස්සේ මම ගුවන් සේවිකාවක් වෙන්න ආස කළා. අදටත් ඒ හීනයනම් තියනවා. මම මුලින්ම රඟපෑවේ සුජීව ප්‍රියලාල් අයියා අධ්‍යක්ෂණය කරපු ඉන්ටනැසනල් නාට්‍යයේ මිනූගේ චරිතය.

මගේ අම්මගේ යාලුවෙක් මාර්ගයෙන් තමයි මට ඒ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණේ. අම්මගේ යාළුවා දුලීකා අක්කිගෙ යාලුවෙක්. ඉතින් මිනූ තමයි මම ඉස්සෙල්ලාම රඟපාපු චරිතය. ඊට පස්සේ දාම් ටෙලිනාට්‍යයේ ශෙනායාගේ චරිතය මට රඟපාන්න ලැබුණා. ශෙනායා කියලා කියන්නේ මගේ ජීවිතේට ටිකක් කිට්ටු චරිතයක්. ඇඳුම් අදින විදිහ හැසිරීම බොහෝ වෙලාවට මට සමීපයි. හැබැයි ශෙනායා විසල්ට ආදරේ කළා. නමුත් මමනම් තාම කාටවත් ආදරේ කරන්නේ නැහැ.

මට තාම අවුරුදු 17යි. ඒ නිසා එවැනි ආකාරයේ අත්දැකීම් නම් මට නැහැ. හැබැයි විසල්ගේ චරිතය රඟපාන්න ඉන්න ඉමේෂාන් අයියාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. එයා හරිම මිත්‍රශීලි කෙනෙක්. හැමවෙලාවෙම අපි දෙන්නා ඒ චරිතය ගැන කතා කරලා දෙබස් හොඳින් පුහුණු වෙලා තමයි රූගත කිරීම් වලට සම්බන්ධ වුනේ. ඒ නිසා ඇත්තටම පෙම්වතියක් විදිහට රඟපාන්න ශෙනායාට ලොකු සහයෝගයක් ලැබුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Courtesy – Kotuwapaththare 

custom_html_banner1

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button