custom_html_banner1
විශේෂාංග

සිරස The Voice Sri Lanka – Knockouts වේදිකාවට නැග ජාත්‍යන්තරය අතික්‍රමණයට සුමිරාන් සූදානම්

custom_html_banner1
Spread the love

සුමිරාන් ධනංජය ගුණසේකර කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නිවේදන, රංගනශිල්පියෙක්. ඔහු පැමිණි ගමන් මගේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරමින් සිරස ටීවී නාලිකාව වැඩසටහනේ වට ඉදිරිපත් කිරීමේ භාරදූර වගකීම සුමිරාන්ට භාරදුන්නා. ඒ ඔහු ගැන තියෙන දැඩි විශ්වාසය නිසාමයි. මොකද ඔහු නිවේදන ක්ෂේත්‍රයේදී ඊට අවශ්‍ය සුදුසුකම් ඉතා හොඳින්ම සපුර තියෙන නිසායි.

සුමිරාන් පළමුව ටෙලිවිෂන් තිරයේ ඉදිරියට පැමිණෙන්නේ ජාතික රූපවාහිනියේ 2003 වසරේ විකාශය වූ සුපිපි තාරකා ළමා වැඩසටහන ඔස්සේයි. ඉන් අනතුරුව රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ 2001-2005 අතර කාලසීමාවේ ඔහු කටයුතු කර තිබෙනවා. රාජකීයන් ඉහළින්ම පවත්වන සාගා ප්‍රසංගයේ නිවේදකයා වශයෙන් වසර 10කට අධික කාලයක් ඔහු කර තිබෙනවා.

පාසල් කා⁣ලයේම රෑපවාහනියේ senior programme ඉදිරිපත් කරන්නත් සුමිරාන්ට හැකිවුණා. ආදරණීය යෞවනය (Live) හිරැ වියන (Live) වැඩසටහන් ඒ අතරින් කිහිපයක්.

Live Stage Shows වලත් සිය හැකියාව මොනවට විදහා දක්වන්නට සුමිරාන්ට හැකිවුණා. Defence ministry Concert -විරැ දණ ගී සර 1,2, Lux රිදී රැයක්, මිල්ටන් රාත්‍රිය, ජෝති රාත්‍රිය ඒ අතරින් කිහිපයක්.

ස්වාධීන රූපවාහිනියේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් හීන 7ක්, Young Inventors Club1,2,3, ITN සූර්ය මංගල්‍යය අවුරුදු සජීවී විකාශය සහ සජීවී මැතිවරණ ප්‍රතිඵල විකාශයන් තුලින් සුමිරාන් සිය නිවේදන කෞෂල්‍යය රටට පෙන්නුම් කලා. The Voice Sri Lanka ජාත්‍යන්තර වේදිකාවට ගොඩවී සිය හැකියාවන් ජාත්‍යන්තරයටම සේන්දු කරන්නට සුමිරාන් දැන් සූදානම්. සුමිරාන් ඔබට උණුසුම් සුබ පැතුම්.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button