custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

බ්‍රිතාන්‍ය සම්මාන උලෙළට අපේ නිළියක් නිර්දේශ වෙයි

custom_html_banner1
Spread the love

ශ්‍රී ලාංකික රංගන ශිල්නිපිනියක වන නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය සම්මාන උළෙලකට නිර්දේශවී තිබෙනවා. මෙවර UK National Television Awards සම්මාන උළෙලේ Best Drama Performance කාණ්ඩය යටතේ අවසාන නිර්දේෂිත නාමයන් අතරට ලාංකීය රංගන ශිල්පිනී නිම්මි හරස්ගමද යෝජනා වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ, ඇය ර‍ංගන දායකත්වය ලබා දුන් The Good Karma Hospital රූපවාහිනී කතාමාලාව නියෝජනය කරමින්. ගාල්ල සහ උණවටුන ආදී ප්‍රදේශවලද රූපගත කිරීම් සිදු කළ The Good Karma Hospital කතාමාලාව විකාශනය වන්නේ බ්‍රිතාන්‍යයේ ITV නාලිකාව ඔස්සේ සිදු වනවා.

නිම්මි හරස්ගම, මෑතකදී තිර ගත වුණු කැනේඩියානු චිත්‍රපටයක් වූ දීපා මෙහ්තාගේ Funny Boy සිනමාපටයේද කැපී පෙනෙන රංගනයක නිරත වීමත් විශේෂත්වයක්.

මෙම නිර්දේශය යටතේ Mari Rodrigez චරිතයට ඔබේ මනාපය පළ කිරීමට පහත සබැඳිය භාවිත කරන්න.

Click this link to vote her : https://bit.ly/34Ex2gV

01

custom_html_banner1

02

03

04

05

06

07

08

09

10

11

12

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button