custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

චන්දිමාල් සහ පියුමි ඇතුළු පිරිස ‘හදිසියේම නිරෝධායනයට ගෙන ගියේ ‘ පොලිසියට පැවරුණු බලයෙන්

custom_html_banner1
Spread the love

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගිවූ බවට චෝදනා ලැබ සිටින පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිරෝධායන නීති අනුව පොලිසිය වෙත පැවරී ඇති බලතලවලට අනුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔවුන් රට තුළ ක‍්‍රියාත්මක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඒකරාශී වී උපන්දින සාදයක් පවත්වා ඇති බැවින් රක්ෂිත බන්ධනාගාර ගතකර නිරෝධායනයට යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසයි කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

නිරෝධායන නීති කඩකරන සැකකරුවන් නිරෝධායනය සඳහා යොමුකිරීමේ නීතිමය බලයක් තම අධිකරණයට නොමැති බව පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා ඇප නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වූ කොටුව පොලිසියේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සමග එක්ව එම සැකකරුවන් සියලූ දෙනාම නිරොධායනය කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

Source – Live@8

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button