custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

එකම බසයෙන් වැඩට ගිය 18දෙනෙකුට කොවිඩ්

custom_html_banner1
Spread the love

හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පිටරත්මලේ, තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇඟලුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

බලංගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන මේ පිරිස එකම බස් රථයකින් හපුතලේ සිටි බලංගොඩට ගමන්කර ඇත.

ඉකුත් 20 වැනිදා ඇගළුම් කම්හලේදී කරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මෙම බස්රථයේ ගමන්කළ ඇගළුම් සේවිකාවකට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු වී තිබේ.

මේ අනුව සේවිකාවන් 33 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණට ලක් කර ඇති අතර ඉන් 18 දෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන තිබේ .

Source – Noizetv.lk

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button