custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට සහ ලිපි නිකුත් කළ ආයතන ප‍්‍රධානීන්ට ලැබෙන දඬුවම් මෙන්න

custom_html_banner1
Spread the love

කොළඹ රැකියා කටයුතු කරන ස්ථානවලට තමා කැඳවා ඇතැයි ව්‍යාජ කැඳවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු තදාසන්න නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප‍්‍රතිපාදන තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම පිරිස් ඉදිරිපත් කරන ආයතනවලින් නිකුත් කළ බව කියන සියලුම ලිපි ජංගම දුරකථනවලින් මාර්ග රාජකාරී කටයුතු කරන පොලිස් නිලධාරීන් විසින් ඡායාරූප ගෙන ඇති බවත්, පසුව රාජකාරී කරන ස්ථානවල මෙම පිරිස් රැකියා කරනවාද යන්න ගැන සොයා බලන බවත්, ඔවුන් එම ස්ථානවල නොසිටියහොත් එම ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පැවසුවේ.

මෙයට අමතරව එලෙස නිරෝධාන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් 50,000 දඩ මුදලක්ද පැනවීමට හැකි බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

ව්‍යාජ සේවා කැඳවීමේ ලිපි යොදා ගනිමින් විශාල පිරිසක් කොළඹ නගරයට මැයි 31 වැනිදා ඇතුළු වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන බවත්, නිරෝධාන නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

Source – Colombotimes.lk

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button