custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

තම බිරිය ASP විසින් පැහැ රගෙන ගිය බව කියමින් OIC පොලිසි ගිහින්!

custom_html_banner1
Spread the love

තම බිරිඳ පැහැ රගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අප රාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එ රෙහිව ඉදිරිපත් කර ඇති පැමිණී ල්ලක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා රාත්‍රී 9.45ට පමණ ඔහුගේ නිල රථයෙන් තම බිරිඳ රැගෙන යන නුවර මාර්ගයේ ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට ඔවුන් හඹා ගිය බවත්, පසුව ඔවුන් නුවර පාර දළුගම කැළණීය ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත් එම ස්ථානාධිපතිවරයා සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබේ.

එහිදී දෙපාර්ශ්වය අතර යම් බහින්බස් වීමක් සිදුවී ඇති අතර අදාළ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලීසියට පැමිණ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසියේ උසස් නිලධාරියකු සදහන් කළේය.

ඒ අනුව මෙම පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද කිරිබත්ගොඩ පොලීසිය කියයි.

Source – Mawratanews.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button