custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

තැඹිලි ගස්වලට නැගලා නැග සිග්නල් හොයන අපේ ළමයි

custom_html_banner1
Spread the love

මේ වෙන කොහෙවත් නෙමෙයි බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත ආසනයේ, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ අත්වැල්තොට : දිගන්න, ඇලමෝදර, හරඹකන්ද, දෙනිහේන, අලුත්පාර, වල්ලකැටිය,වැනි අති දුෂ්කර ගම්මාන.

මේ ඡායාරූපවල තිබෙන්නේ 841/B බටගොඩවිල ගම්මානයේ පාසල් ළමුන්.

පසුගිය කාලයේ මහා ලොකු සංදර්ශනයක් දැම්මා පාලින්දනුවර ප්‍රදේශයේ දුෂ්කර ගම්වල ළමුන්ට covid සමයේ දුරස්ථ අධ්‍යාපනය ලබන්න 4G ලබාදුන්නා කියලා…ඔබ ඒවා දකින්නත් ඇති ෆේස්බුක් ඔස්සේ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ…

හැබැයි මේ තමයි ඇත්ත… පාසල් නිවාඩු දුන්නට පස්සේ කිසිදු දෙයක් ඉගෙන ගන්න නොලැබුන ළමයි ඉන්නවා මේ ප්‍රදේශ වල තවදුරටත් තව සතියකින් දෙනවා,මාසෙකින් දෙනවා කියලා බොරු බලාපොරොත්තු දෙන්නේ නැතුව මේ ගැටලුව විසඳන්න…

සමහර ප්‍රදේශවල සිග්නල් තියෙනවා හැබැයි Speed එකනැහැ…ඉතින් පන්තිවලට සහභාගි වෙන්න බැහැ…ඒ පොඩි උන්ට ඉගෙනගන්න අයිතියක් නැද්ද???

“කොහේ කොතැනක තැනේවිදෝ…අපට ලෝකයක්…අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්

සැබෑම සිහිනයක් …//”

custom_html_banner1

අදාල බලධාරීන්ගේ අවදානයට යොමු වේවා !

උපුටා ගැනීමකි

Source – Aperata.net

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button